IMG-LOGO

ඇෆ්ගන් සංචාරය නිමකර ඔබාමා පිටවෙද්දී කාබුල් නුවරට ප‍්‍රහාරයක්

ආරක්ෂක ගිවිසුමකට අස්සන් කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, පැය කිහිපයකට ඊයේ (2) හදිසියේම ඇෆ්ගනිස්තානයට පැමිණි අතර, ඔහු පිටත්ව යෑමට ඔන්න මෙන්න කියා තිබියදී තලේබාන් සටන්කාමීහු කාබුල් නුවර විදෙස් කඳවුරකට පහර දුන්හ. එම ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ජනපති ඔබාමා ඉලක්ක කර ගනිමින් විය හැකි යැයි ඇමෙරිකා ආරක්ෂක අංශ අනුමාන කරයි. ප‍්‍රහාරය එල්ල වූයේ ‘ගී‍්‍රන් විලේජ්’ නමැති විදෙස් කඳවුරටය. ඇමෙරිකා තානාපති කාර්යාලය, යුරෝපා සංගම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය පිහිටා ඇත්තේ අධි ආරක්ෂක කලාපයක පිහිටි එම කඳවුරේය. කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටු පොළත් ඒ අසලින්ම පිහිටා තිබේ. ජනපති ඔබාමා, එයාර් ෆෝස් වන් ගුවන් යානයෙන් පැමිණියේ එම ගුවන් තොටුපොළටය. ඇෆ්ගන් ආරක්ෂක අංශ සැක කරන්නේ ඔබාමාගේ ගුවන් යානය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සටන්කාමීන් උත්සාහ කළ බවය. කෙසේ නමුත් ප‍්‍රහාරය එල්ල වෙද්දී ජනපති ඔබාමා කාබුල් නුවරින් පිටව ගොස් තිබුණි. ප‍්‍රහාරයට පැමිණි සටන්කාමීන් තිදෙනාගෙන් එක් අයකු පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයකින් කඳවුරේ ගේට්ටුව අසලට පැමිණ පුපුරුවාගෙන ඇති අතර එම පිපිරීමත් සමඟ හටගත් කලබලය මැද අනෙක් සටන්කාමීන් දෙදෙනා බෝම්බ කබාවලින් සැරසී කඳවුරට කඩා වැදී ඇතැයි වාර්තා වේ. ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන් දෙදෙනාට වෙඩි තැබූ අවස්ථාවේදී ඔවුන් ද බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 15 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් අතර හමුදා සෙබළුන් ද සිටින බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. ප‍්‍රහාරයේ වගකීම භාර ගනිමින් තලේබාන් සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන් ඔවුන්ගේ මුජහදීන් (ශුද්ධ යුද්ධයට මැදි වී සිටින සටන්කාමීන්) සටන්කාමීන් ලවා කඳවුරට පහර දුන්නේ ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයට පැමිණීම ගැන විරෝධය පළ කිරීම සඳහා බවය. ජනපති ඔබාමා, මීට පෙර අවස්ථා කිහිපයකදී සිදු කළාක් මෙන් හොර රහසේම ඇෆ්ගනිස්තානයට පැමිණියේ කවුරුත් පුදුමයට පත් කරමින්ය. ඔහු ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි හමුවී අස්සන් කළ ගිවිසුමට අනුව, 2014 වසරෙන් පසුවත් ඇමෙරිකන් හමුදාවේ ආරක්ෂාව සහ මුල්‍ය ආධාර ඇෆ්ගන් රජයට හිමිවේ. ඇමෙරිකා හමුදා ඔවුන්ගේ මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිට වී යෑමට නියමතව ඇත්තේ 2014 වසරේ ජූලි මාසයේදීය. ඉන් පසු කුඩා ඇමෙරිකන් සෙබළ කණ්ඩායමක් පමණක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිමින් ඇෆ්ගන් හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂක කටයුතුවලට සහාය දීමට නියමිත බව ජනපතිවරුන් දෙදෙනා අතරේ අත්සන් තැබුණු ගිවිසුමේ වැඩි දුරටත් සඳහන් වෙයි. ඇෆ්ගන් ජනපති හමුවීමෙන් පසු ජනපති ඔබාමා, බාගම් නමැති ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරේදී ඇමෙරිකා සෙබළුන් හමුවී කතා බහ කළේය. ජනපති ඔබාමා මේ වසරේ නොවැම්බරයේදී ජනාධිපතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින අතර ඔහු ඇමෙරිකන් සෙබළුන්ට ඉඟි කළේ මේ වසර අවසන් වෙද්දී ඔවුන් යළි ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කර වසරක් ගත වෙද්දී ඇමෙරිකන් හමුදාව විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා සිටින බව ද ඇමෙරිකා ජනපතිවරයා එහිදී කියා සිටියේය. බින් ලාඩන් මරා දැමීම මගින් යුක්තිය ඉටු වූ බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. ඇමෙරිකන් ජනපතිවරයාගේ පැය 6 කට සීමා වූ එම ඇෆ්ගන් සංචාරය මැතිවරණ ප‍්‍රචාරක සංචාරයක් යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ්, තලේබාන් වරුන්ට එරෙහිව ආරම්භ කළ ඇෆ්ගන් යුද්ධය, ඡුන්ද ලබා ගැනීම සඳහා යොදා ගැනීමට ජනපති ඔබාමා උත්සාහ කරතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති.  ජනපති ඔබාමා සහ ඇෆ්ගන් ජනපති කර්සායි   ආරක්ෂක ගිවිසුමට අස්සන් තැබීමෙන් පසු.. ජනපති ඔබාමා ඇමෙරිකා සෙබළුන් හමුවෙමින්....



අදහස් (0)

ඇෆ්ගන් සංචාරය නිමකර ඔබාමා පිටවෙද්දී කාබුල් නුවරට ප‍්‍රහාරයක්

විතුෂාන් Thursday, 03 May 2012 05:03 PM

ඔබාමා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරාවි

:       0       0

තරිදු Thursday, 03 May 2012 07:03 PM

ලෝකේ හැමතැනකමදීම ඇමෙරිකාවට නම් යුක්තිය ඉටු වෙනවා. ඒක වෙන්නේ නැත්තේ අනිත් රටවලටයි....

:       0       0

අලිබබා Thursday, 03 May 2012 12:55 PM

මේවා ඔක්කොම ඡන්ද ගුන්ඩු. හැබැයි ජාමෙ බේරගෙන ගිය එක ලොකු දෙයක්. තව පොඩ්ඩෙන් එයාටත් මොනවා වෙයිද දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 321 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site