IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇෆ්ගන් වැසියන් වධ බන්ධනයට ලක් කළ ඇමෙරිකන් ඒජන්තවරයා අත්අඩංගුවට

තලේබාන් සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ඇෆ්ගන් ස්විල් වැසියන් වධ බන්ධනයට ලක් කරන ඇමෙරිකන් ඒජන්තවරයකු අත්අඩංගුවට ගත් බව ඇෆ්ගන් ආරක්ෂක අංශ ඊයේ (8* ප‍්‍රකාශ කළේය.
ඇෆ්ගන් සම්භවයක් ඇති ඇමෙරිකන් ජාතිකයකු වන එම ඒජන්තවරයා ගැන අවස්ථා ගණනාවකදී තමන්ට තොරතුරු ලැබී ඇති බවත් සුදුසු අවස්ථාව එළැඹෙන තෙක් බලා සිට ඔහු අත්අඩංගුවට ගත් බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. ඒජන්තවරයා අත්අඩංගුවට ගැනුණේ දකුණුදිග ඇෆ්ගනිස්තානයේ ඇනියෝ මරීනා පළාතේ ගම්මානයකදීය.
ඇෆ්ගන් සිවිල් වැසියන් පැහැර ගන්නා බවටත්, ඔවුන් අත්අඩංගුවට ගෙන වධ බන්ධනයට ලක් කරන බවටත්, එම වධබන්ධනවලදී මියයන පුද්ගලයන් රහසේ වළ දමන බවටත් ඇෆ්ගනිස්තානයේ සංග‍්‍රාම මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකන් හමුදාවට චෝදනා එල්ල වී ඇත. 
ඇමෙරිකා හමුදාව සහ රජය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන නමුත් ඇෆ්ගන් රජය සහ ආරක්ෂක අංශ පවසන්නේ තමන්ට එම චෝදනා ඔප්පු කිරීමට ඇති තරම් සාක්ෂි ඇති බවය.
ඇමෙරිකන් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු, අතුරුදන් වූ ගම්වැසියන් නව දෙනකුගේ සිරුරු ඉකුත් ජූනි මස 5 වැනිදා සොයා ගැනිණ. ඒ සමඟ ඇෆ්ගන් වැසියෝ ඇමෙරිකන් හමුදාවට එරෙහිව විරෝධතාවක් ද පැවැත්වූහ.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් ඇෆ්ගන් රජයට එක හඬින් කියා සිටියේ එම ගම්වැසියන් අත්අඩංගුවට ගත් ඇමෙරිකන් සෙබළුන් ගැන වහා සොයා බලා ඔවුන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසටය.
ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි මේ ගැන ඇමෙරිකා හමුදාවට දැනුම් දී ඇති අතර, ඇමෙරිකා හමුදාව පවසා ඇත්තේ ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන බවය.
ඉකුත් පෙබරවාරි මාසයේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගන් සිවිල් වැසියන්ට අඩන්තේට්ට කරන බව වර්දාක් නමැති ප‍්‍රාන්තයෙන් වාර්තා විය.
වර්දාක් ප‍්‍රාන්ත වැසියන්ගෙන් එල්ල වූ විරෝධතා හමුවේ ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඇමෙරිකන් හමුදාවට අණ කළේ වර්දාක් ප‍්‍රාන්තයෙන් වහා පිට වී යන ලෙසටය. ඒ අනුව වර්දාක් ප‍්‍රාන්කයේ ඇමෙරිකන් හමුදා සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කෙරුණි.
ඇමෙරිකන් හමුදාව ලබන වසරේ දී එනම් 2014 දී ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට නියමිතය. ඒ, රටේ ආරක්ෂාව ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පවරමිනි. ඒ සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී.
සංග‍්‍රාම කටයුතු අවසන් වුවත් 2014 වසරෙන් පසු ඇමෙරිකන් හමුදා කඳවුරු කිහිපයක් ඇෆ්ගනිස්තානයේ දිගටම පවත්වා ගෙන යෑමට ඇමෙරිකාව තීරණය කර ඇත.
ඇමෙරිකාව එම තීරණය ගත්තේ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි කළ ඉල්ලීමකට අනුවය. ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියහොත් ඉරාකයේ සිදු වන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිලේ යැයි ඇෆ්ගන් රජය බිය පළ කර ඇත. ඇමෙරිකා හමුදා කඳවුරු රටේ පවත්වා ගෙන යෑමට ඇෆ්ගන් රජය ඇමෙරිකාවට අවසර දී ඇත්තේ ඒ අනුවය.



අදහස් (0)

ඇෆ්ගන් වැසියන් වධ බන්ධනයට ලක් කළ ඇමෙරිකන් ඒජන්තවරයා අත්අඩංගුවට

ප්‍රදීප් Wednesday, 10 July 2013 06:10 AM

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් අනෙකුත් සංස්කෘතීන්ට අයත් මිනිසුන් විනාශ කරමින් , සතුනට මෙන් සලකන බව ඔබලාට නොපෙනේද?(නදී)

:       0       0

ජීවන් Tuesday, 09 July 2013 10:00 AM

හැම තැනම බල්ලෝ වගේ මිනිස්සු මරන්ඩ බෝම්බ පත්තු කරන මේ උන්මත්තකයෝ පරමාණු බෝම්බ ගසා හෝ තුරන් කරන්ටයි ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site