තලේබාන් සටන්කාමීන්ගේ බෝම්බ ප‍්‍රහාරයකින් තුවාල ලබා දිවි ගලවා ගැනීමට ඇෆ්ගන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඊයේ (15) සමත් විය. තලේබාන් සටන්කාමීන් එම බෝම්බය අටවා තිබුණේ බගාලන් සහ කුන්ඩාස් යන ප‍්‍රාන්ත අතරින් දිවෙන මාර්ගය අසලය. ඇමැති ඔබේදුල්ලා ඔබේදී රැගත් මෝටර් රථය ඒ අසලින් යද්දී බෝම්බය පුපුරුවා හැර ඇත. ඔබේදී, දිවි ගලවා ගත් නමුත් ඔහුගේ මෝටර් රථයට ආරක්ෂාව දෙමින් ඊට ඉදිරියෙන් ජිප් රියකින් ගමන් කළ පොලිස් නිලධාරීහු දෙදෙනා ජීවිතක්ෂයට පත්වූහ. දින දෙකක් ඇතුළතදී ඇෆ්ගන් රජයේ නියෝජිතවරයකු ඉලක්ක කර තලේබාන් සටන්කාමීන් එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. සමන්ගාන් ප‍්‍රාන්තයේ අයිබාක් නුවර පෙරේදා (14) පැවැති මංගල උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඇෆ්ගන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ඇතුළු 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහිදී තලේබාන්වරුන්ගේ ඉලක්කය වූයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස මංගල්‍යයට පැමිණි මන්තී‍්‍ර අහ්මඞ් කාන්ය. බෝම්බකරු මන්තී‍්‍රවරයා බදාගෙන බෝම්බය පුපුරුවා ගත් බව සිද්ධිය දුටුවෝ පවසති. එම ප‍්‍රහාරයෙන් 43 දෙනෙක් තුවාල ලැබූහ.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
ඊළග සැරේ මීට වැඩිය ලොකු බෝම්බයක් තියයි, මේ පාර බේරුණ නිසා.බලාගෙන.පරිස්සමින්.