ඇෆ්ගනිස්ථානයේ හාර්ට් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 30 දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පිපිරීම සිදුව ඇත්තේ දේවස්ථානයේ සවස පූජාව පැවැත්වෙන අවස්ථාවේ දී ය. තුවාලකරුවන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවසේ.
ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවකු ද ගිනි අවියක් රැගත් පුද්ගලයෙකු ද පැමිණ ඇති බව බලධාරීහු පවසති. ප්‍රහාරකයන් දෙදෙනා ද මියගොස් ඇත.ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති බව පොලිසිය පවසයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd