ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කමාන්ඩෝ භටයින් හතරදෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.
කුඩා බස් රථයක බෝම්බය අටවා තිබී ඇති අතර කඳවුරේ පිවිසුම ඉදිරිපිටදී බෝම්බය පුපුරුවාගෙන තිබේ.
තලේබාන් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ හමුදා භටයින් 200 ක් මියගොස් ඇති බවයි. රජයේ හමුදා පවසන්නේ තලේබාන් සංවිධානය බොහෝවිට මියගිය ගනණට වඩා වැඩි ගණන් පවසන බවයි.
ඇමරිකාව හා තලේබාන් කැරළිකරුවන් අතර සාකච්ඡා බිඳවැටුනු අතර එයින් පසු තලේබාන් සංවිධානය විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය ප්‍රමාණය ගැන වාදකර ඵලක් නැහැ. අවුරුදු දහස් ගණනක් බාමියන් බුදුපිළිම දිවිහිමියෙන් ආරක්ෂා කළ ඇෆ්ඝන් ජනතාවට නිදහසේ ඉන්නට හැර ඇමෙරිකන් ආක්‍රමණිකයින් වහාම මේ රටින් පිටවිය යුතුයි... තලේබාන්ලා සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙනි. ඔවුන් අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැත.