ඇෆ්නිගනිස්ථානයේ සා-ඊ පුල් පළාතේ ගම්මානයකට කඩාවැදුණු ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සාමාන්‍ය වැසියන් 50දෙනකු පමණ මරාදමා ඇතැයි වාර්තා වේ.
මියගිය අයගෙන් වැඩිපිරිසක් කාන්තාවන් සහ දරුවන් වන බවත් ශියා මුස්ලිම් ජාතිකයන් වෙසෙන ගම්මානයකට මෙසේ පහරදී ඇති බවත් පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
ඔවුන් අතිශය දාමරික සහ අමානුෂික ලෙස ඝාතනය කර තිබූ බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් හත් දෙනකු ද කැරළිකරුවන් ද මියගිය බව පොලිසිය පවසයි. කැරළිකරුවන් පළමුව ගම්මානය අසල ඇති පොලිස් මුරපොලට පහරදුන් බව පැවසේ.
තලේබාන් සහ අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි බව ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
(බීබිසි පුවත් ඇසුරිණි -085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාමියන් ප්‍රතිමා විනාශ කළා වගේ මේකත් ඇමරිකානු ආක්‍රමණකයින්ගේ වැඩක්.
හැම තැනම ප්‍රශ්න තමයි.