IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් වෛද්‍යවරු 4ක් මරුට


ඇෆ්ගනිස්ථානයේ අගනුවර කාබුල් හි බන්ධනාගාරයක සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් ගමන් කළ මෝටර් රථයට එල්ලවූ බෝම්බයක් පුපුරායෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

මියගිය අයගෙන් තිදෙනකු කාන්තාවෝය. රථයේ රියදුරා ද ප්‍රහාරයෙන් මරුමුවට පත්වී ඇති අතර තවත් දෙදෙනකු ද තුවාල ලබා ඇත.

වෛද්‍යවරුන්, ඔවුන් සේවය කළ පුල් - ඊ - චාර්කි බන්ධනාගාරයට ගමන්කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව තිබේ.

මෙතෙක් කිසිදු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත. බන්ධනාගාර රැඳවියන් අතර තලේබාන්
සටන්කරුවන් සියගනනක් සිටින බව බීබීසී වාර්තා සඳහන් කරයි. ඇෆ්ගනිස්ථාන මාධ්‍ය පවසන්නේ මෑතකදී එල්ලවූ ප්‍රහාර කිහිපයක්ම චුම්බක මගින් වාහන වලට සවිකර තිබූ "ඇලෙන සුළු බෝම්බ" යොදාගෙන සිදුකර ඇති බවයි.

කාබුල් නගරයේ පසුගිය මාස දෙක තුළ සිදුවූ ප්‍රහාර හේතුවෙන් 100කට අධික පිරිසක් මියගොස් තිබේ. ඒ අතර ජනමාධ්‍යවේදීහු, ක්‍රියාකාරීන් සහ දේශපාලකයෝ ද සිටිති.
ඇෆ්ගනිස්ථාන රජය හා තලේබාන් නිලධාරීන් අතර සාකච්ඡා ආරම්භකර තිබියදී මෙම පිපිරීම සිදුව තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් වෛද්‍යවරු 4ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site