
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ හමුදා මුරපොළක් ආසන්නයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරා යාම හේතුවෙන් 11 දෙනකු මියගොස් තිබේ.
මියගිය අය අතර සොල්දාදුවන් 7දෙනකු සහ සිවිල් වැසියන් 4දෙනකු සිටින බව බලධාරීහු පවසති.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් ආරක්ෂක අංශ පවසා ඇත්තේ එය තලේබාන් සංවිධානය විසින් සිදුකරන්නට ඇති බවයි.
ගිනිකොන දිග පළාතේ සිදුවූ තවත් පිපිරීමකින් මරාගෙන මැරෙන බෝම්බකරු මියගොස් ඇති අතර 6 දෙනකු තුවාල ලබා තිබේ.
ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයේදී සැප්තැම්බර් මාසයේ ආරම්භ විය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.