ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර නිවාස සංකීර්ණයකට එල්ලවූ ප්‍රහාරයකින් 16දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
පොලිසිය පවසන්නේ ට්‍රැක්ටරයක මෙම පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ බවයි.
ප්‍රහාරයට ලක්වුණු ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර සංවිධාන රැසක නියෝජිතයන් නැවතී සිටි බවත් මීට පෙරද මෙම ගොඩනැගිල්ලට ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
පිපිරීම හේතුවෙන් ඝන කළු දුමාරයක් අහසට නැගුණු බවද කිලෝමීටර් කිහිපයක් ඈතින් තිබූ ගොඩනැගිලි පවා සෙලවුණු බවද වාර්තා වී ඇත.
තලේබාන් සංවිධානය විසින් ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන් වේ.
ආරක්ෂාවට දිගින් දිගටම ඇතිවන මෙවැනි තර්ජන හේතුවෙන් ආධාර කණ්ඩායම් ඇතුළු විදේශීය නියෝජිතයින් මෙම ගොඩනැගිල්ලෙන් වහා ඉවත් කලයුතු බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක් ද ආරම්භ කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත ලංකාවේ පූර්ව දර්ශනයක්...