බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ නළුවකු වූ ඇලන් රික්මන් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී මිය ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලොව ප්‍රකට සිනමා නිර්මාණයක් වූ හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය ස්නේප්ගේ චරිතය හේතුවෙන් බොහෝ රසික පිරිසක් නිර්මාණය කරගැනීමට රික්මන් සමත් විය. මිය යන විට 69 වැනි වියේ පසුවූ ඔහු 1988 වසරේදී සිනමාවට පිවිසියේය.
හැරී පෝටර් කථා මාලාවේ නිර්මාතෘ ජේ.කේ.රෝලිං පවසන්නේ රික්මන්ගේ මරණය පිළිබඳ ඇසීමට ලැබීම කොයිතරම් තදින් බලපෑම් කරනවාද, කොයි තරම් පාළුවක් ගෙනෙනවාද යන්න වචනයෙන් විස්තර කළ නොහැකි බවයි. ඔහු විශිෂ්ට නළුවකු බවත් අපූරු මිනිසකු බවත් ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ රංගනයන් කෙතරම් ආකර්ශනීයද? පතමි සදා මොක් සුව....! (නි)
සොපී මෙයාව හඳුනනවද? (නි)