IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇරුණු දොර ගමන වලක්වයි

පිලිපීනයේ සෙබූ ගුවන්තොටුපලේ සිට දකුණු කොරියාව බලා පියාසර කල ගුවන් යානයක දොරක් නිසි පරිදි වසා නොතිබීම හේතුවෙන් ගුවන් යානය නැවත හරවා එවා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්ථා කරයි. යානය ගුවන් ගතවී මිනිතිතු 40කට පමණ පසු  කාර්යමණ්ඩල සාමාජිකයෙකුට ඇසුණු ශබ්දයක් පරීක්ෂා කිරීමේදි දොරෙහි හිඩසක් තිබෙන බව අනාවරණය වී ඇත. 

යානයේ මගීන් 163දෙනකු සිටි බවත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවත් ගුවන් සමාගමේ බලධාරීන් ප්‍රකාශ කරයි. මෙම සිදුවීම වන අවස්ථාවේ යානය අඩි 10,000 පමණ ඉහළින් පියාසර කරමින් තිබී ඇත.

මෙම යානය කොරියාවේ අඩු මිල ගණන් යටතේ ප්‍රවාහන සේවා සපයන ගුවන් සමාගමකට අයත් එකකි. පිළිසකර කිරීමෙන් පසු පැය 15ක් පමණ ප්‍රමාද වි යානය නැවත ගුවන්ගතවී  ඇති අතර මගින්ට සිදුවූ අපහසුතාවය වෙනුවෙන් වන්දි වශයෙන් මුදල් ගෙවා ඇත.



අදහස් (0)

ඇරුණු දොර ගමන වලක්වයි

ලලිත් Monday, 04 January 2016 05:51 PM

අපේ රටේ කට්ටියට නම් ඔය වගේ දෙකින් අපහසුතාවයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

චානක Tuesday, 05 January 2016 01:31 AM

එහෙම හරි වුණ වැරැද්දට වන්දි ගෙවනවා. අපේ රටේ නම් අපිටත් බැනලා එලවලා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 05 January 2016 02:43 AM

මොන පිස්සුද මල්ලි, අපේ කට්ටිය නම් යන ගමන් ඔය දොරත් හදා ගන්නවා.මොකද අපි ප්‍රයිවට් බස් වල යන මිනිස්සුනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site