එබෝලා වෛරසය ශරීරගත වූ පළමු ඇමෙරිකානුවා ලයිබීරියාවේ සිට ජෝර්ජියා දක්වා ගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
මෙලෙස රෝගයට ගොදුරුවී ඇත්තේ ලයිබීරියාවේ දී එබෝලා වෛරසය ශරීරගතවූවන්ට ප්‍රතිකාර කරමින් සිටි කෙන්ට් බ්‍රන්ට්ලි (33) නමැති වෛද්‍යවරයෙකි. විශේෂ වෛද්‍ය උපකරණවලින් සමන්විත ගුවන් යානයකින් ඔහු ලයිබීරියාවේ සිට ජෝර්ජියා දක්වා ගෙනවිත් ඇත.
ගුවන් යානය ඩොබින්ස් ගුවන් හමුදා කඳවුරට ගොඩබැස්සවූ විගස ම ගිලන් රථයක් ඒ වෙත ගොස් බ්‍රන්ට්ලි ඇට්ලන්ටාවේ එමොරි විශ්වවිද්‍යාලයීය රෝහල වෙත ගෙන යනු ලැබීය. ඒ රෝහලේ දී වෛද්‍ය බ්‍රන්ට්ලිට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසන්නේ එබෝලා වෛරසයෙන් තම සහෝදර වෛද්‍යවරයා බේරාගැනීමට හැකි බවයි.
බ්‍රන්ට්ලිගේ බිරිඳ රෝහලවෙත ගොස් ඔහුට ප්‍රතිකාර කරන ආකාරය බිත්තියකට සවිකැර ඇති වීදුරුවකින් විනාඩි 45 ක පමණ වේලාවක් බලා සිටියාය. සෞඛ්‍ය අංශ පවසන්නේ බටහිර අප්‍රිකානු රටවල 1300ට වැඩි පිරිසකට මේ රෝගය වැළඳ දැනටමත් 700ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රෝගය සෑදුණු අයකු මිය යාමේ සම්භාවිතාව සියයට 90කි.








COMMENTS
ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නදී)
දොස්තර මහත්මයට ඉක්මන් සුවය ලැබේවා. (නදී)