IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ උතුරු කොරියාවට

වොෂින්ටන්හිදීය (රොයිටර්)
 
න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මෙම බ්‍රහස්පතින්දා (5) උතුරු කොරියාවට යෑමට නියමිත යැයි ධවල මන්දිරය සඳහන් කරයි. 
 
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මෙලෙස උතුරු කොරියාවට යෑමට නියමිතව තිබේ. 
 
ඒ සම්බන්ධයෙන් සකස් කර ඇති වැඩසටහනකට උතුරු කොරියාවේ එකඟත්වය ලබාගැනීමට ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සූදානමින් සිටින බව වාර්තා වේ. 
 
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන අත්හැරීමට සූදානම් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර දේශපාලනයේ විවාදයක් ඇති  වී තිබේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඔවුන්ගේ මිත්‍ර රටවලට තර්ජනයක්  වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවේ සංචාරය කරන්නේ එවැනි වාතාවරණයක් මධ්‍යයේය.
 
එමෙන්ම ජූනි 12 වැනිදා සිංගප්පූරුවේ පැවැති ට්‍රම්ප්-කිම් හමුවෙන් පසුව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන්නේ පළමු වරටය.
 
උතුරු කොරියානු සංචාරයෙන් අනතුරුව හෙතෙම ජපානයට යෑමට නියමිත අතර එහිදි ඔහු උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ වැඩසටහන සම්බන්ධයෙන් ජපාන සහ දකුණු කොරියානු නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.  
 
055



අදහස් (0)

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ උතුරු කොරියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site