අවි පුහුණුවේදී ඉලක්කයන් ලෙස ඇමරිකාව සතු ප්‍රහාරක නාවික යාත්‍රා, ගුවන් යානා වල සජීවී ප්‍රමාණයේ අනුරූ භාවිතා කිරීමට ඉරානය කටයුතු කරතියි වාර්තා වේ.
මේ දිනවල ඇමරිකා නාවික හමුදාවේ නිමිට්ස් වර්ගයට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අනුරුවක් ඉරානයේ බන්ඩාර් අබ්බාස්හි පිහිටි නැව් තටාකයක ඉදිකෙරෙමින් පවතිනු චන්ද්‍රිකා ඡායාරූප වලින් දැකගත හැකිව තිබේ.
ඇමරිකා බලධාරීන් ඉරානය සැබෑවටම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉදිකරමින් සිටින්නේයැයි මුලින් බියපත් වුවත් පසුව සිදුකර ඇති සෝදිසි කිරීමකදී හෙළිව ඇත්තේ එය සැබෑ නෞකාවේ ප්‍රමාණයටම සමාන අනුරුවක් බවයි.ඉරානය එය මුහුද මැදට ගෙන ගොස් පුපුරුවා විනාශ කිරීමට සැළසුම් කර ඇතැයි ඔවුහු විශ්වාස කරති.
මිීට පෙර අවස්ථාවකදී ඇමරිකා ප්‍රහාරක ගුවන් යානයකට සමාන අනුරුවක් නිපදවා තිඛෙනුද නිරීක්ෂණය කිරීමට හැකිවුනුණු බව ඇමරිකා බලධාරීහු කියති.
ගල්ස් ප්‍රදේශයේ බලවතා තමන් බව පෙන්වීමට ඉරානය මෙවන් උත්සාහයන් ගන්නා බව ඇමරිකාවේ මතයයි.
ඇමරිකා යුද බලය පැරදවීමට නොහැකි තැන මෙවන් අනුරූ සාදා ඒවා විනාශ කර හෝ සැනසීමට ඉරානය කටයුතු කරන බවක් පෙනෙනා බව ඇමරිකාවේ අදහසයි.
ඉරානය අනුරූ සාදන මුවාවෙන් සැබෑ ලෙසටම කි්‍රයාත්මක වන ප්‍රහාරක යාත්‍රා නිපදවමින් සිටින බවට මුලින් සැක කළත් ඒවාට ගැලපෙන තාක්ෂණය කිසිලෙසකින්වත් ඉරානය සතු විය නොහැකි යැයි සිතන ඇමරිකාව සැනසුම් සුසුමක් හෙළා ඉරානයේ කටයුතු දෙස අවඥාවෙන් බලා සිටිනු පෙනේ.
නමුත් මෙම ආකෘතීන් සැදීම පිටුපස අවි පුහුණුවට ඉලක්ක සැපයීම හා තමන් කලාපයේ බලවතායැයි පෙන්වීමට වඩා දෙයක් ඇත්දැයි දන්නේ ඉරානයම පමණි.
COMMENTS
ඇමරිකාවේ තාක්ෂණය පිටිපස්සේ ඉන්නේ, ඉන්දියානු සහ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවලින් ගෙන්නගත්තු වියතුන් සහ ශ්‍රමිකයන්. එත් ඒ සෙල්ලම හැමදාම කරගෙන යන්න ඇමරිකාවට බැරි වේවි. (අ)
ඉරාණය කරන දේ කවුරුත් දන්නේ නෑ. අනාගතයේ දී ඉරානය ඉදිරියේ අනෙක් රටවලට දණ ගසන්න වෙයි. (ත)
ඇමරිකාව හිතාගෙන ඉන්නවට වඩා තාක්ෂණය ඉරානයට ඇති. නැත්නම් ඇමරිකාවට තියන දියුණුම නියමුවන් රහිත යානාවක් තමන්ගේ රටට ගොඩබා ගත්තේ කොහොමද?(නදී)