IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් චීනයේ නව ජනපති හමුවෙයි

චීනයේ සංචාරයකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැක් ලිව් ඊයේ (19) එරට නව ජනාධිපති සී ජිංපිං හමුවී සාකච්ඡා පැවැත්වීය.
දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් එම සාකච්ඡුා පැවැත් වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
ලෝකයේ ආර්ථික බලවතුන් දෙදෙනා වන ඇමෙරිකාවත් චීනයත් අතර සබඳතා ශක්තිමත් කිරීම දෙරටේ මිතුදම් වර්ධනය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි භාණ්ඩාගාරික ලේකම් ජැක් ලිව් නව ජනපතිවරයාට පැවැසූ බවත් නව ජනපති ජිංපිං එය අනුමත කළ බවත් විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටියේය.
ආසියාවේ බලවතා වන චීනය ඇමෙරිකාවට අංශ ගණනාවකින් අභියෝගයක් වී ඇත. ආසියාවේ තම බලය ව්‍යාප්ත කර ගැනීමට ඇමෙරිකාව උත්සහ ගන්නා අතර චීනයෙන් ඊට බාධා එල්ල වේ. පසුගියදා ඇමෙරිකාව චෝදනා කළේ ඔවුන්ට එල්ල වූ පරිගණක සයිබර් ප‍්‍රහාර පසුපස චීනය සිටින බවය.
මීට මාස හතරකට පෙර චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා ලෙස තේරී පත් වී ජිංපිං ජනපති ධුරයට පත් වූයේ ඉකුත් 14 වැනිදාය. චීනයේ ජනපති ධුරයට පත්වන්නේ එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයාය.
එම අවස්ථාවේදී ඔහුට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ද සුබ පැතුවේය. ඔබාමා කියා සිටියේ චීනයේ නව නායකත්වය සමඟ සුහදත්වයෙන් කටයුතු කිරීමට ඇමෙරිකාව බලාපොරොත්තු වන බවය.



අදහස් (0)

ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් චීනයේ නව ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site