පාකිස්තානයේ බජූර් පළාතේ තලේබාන් නායක මුල්ලා ඩබුල්ලා ඝාතනය කිරීමට ඇමෙරිකානු හමුදා පෙරේදා (24) සමත් විය.
ඩබුල්ලා ඝාතනය වූයේ ඇමෙරිකා හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකිනි. බජූර් පළාත පිහිටා ඇත්තේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල ගෝති‍්‍රක ප‍්‍රදේශයේ කුනාර් ප‍්‍රාන්තයේය.
ප‍්‍රහාරයට ලක් වෙද්දී ඩබුල්ලා ගම්මානයක සැඟ වී සිටියේය. ප‍්‍රහාරයෙන් තවත් තලේබාන් සටන්කාමීහු 11 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.
ඇමෙරිකා හමුදා එම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමින්ය.
ඇෆ්ගනිස්තානයේ සිටින නේටෝ හමුදා සෙබළුන් ඉලක්ක කර ගනිමින් පසුගිය වසර පුරාවට ප‍්‍රහාර එල්ල වූයේ මුල්ලා ඩබුල්ලාගේ සැලැසුම්වලට අනුවය. අල් කයිඩා සටන්කාමීන් සමඟ ද ඩබුල්ලා සමීප සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළිවී ඇත.
පාකිස්තානය හරහා දේශ සීමා ඔස්සේ සටන්කාමීන් සහ අවි ආයුධ ප‍්‍රවාහනය සිදුවන්නේ ද ඩබුල්ලාගේ අනුදැනුම යටතේය. ඩබුල්ලා ඝාතනය කිරීමට හැකිවීම තමන් ලැබූ විශාල ජයග‍්‍රහණයකැයිද ඇමෙරිකා හමුදාව පවසයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අපි ත්‍රස්තවාදය මේ මුලු ලෝකයෙන්ම අතුගා දැමිය යුතුයි. (නි)
හොඳ ප්‍රවෘත්තියක් (අ)
ඔහුගේ හඬ පටියක් හෙට අනිද්දාට නිකුත් වෙයිද (අ)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
ඇමෙරිකාවට ජයවේවා.
ලෝකෙම ත්‍රස්තවාදය ලංකාවේ හැර
අනේ මන්දා ඉතින්
අනේ අපි නොදන්න ඇමරිකාව. ඉන්නෙ මොන ගමේද කියලා ඔත්තුව ලැබුණ ගමන්ම අහල පහල ගම් වලටත් එක්කම බෝම්බ දානවා.එතකොට ඉතින් කොහොමත් මැරෙනවනේ. (ස)
මානව හිමිකමි උල්ලංඝනයක්. සුදුකොඩි උස්සගෙනන ආව අයවනෙ මරල තියෙන්නෙ. (නි)