IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


ඇමෙරිකා ප‍්‍රහාරක යානයක් මහලූ නිවාසයකට කඩාවැටේ

ඇමෙරිකා හමුදාවට අයත් එෆ් 18 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානයක් ඉකුත් පෙරේදා (7) උදෑසන හිටිහැටියේ වර්ජීනියා ප‍්‍රාන්තයේ මහලූ නිවාසයක් මතට කඩාවැටිණි. අනතුරින් යානයේ සිටි නියමුවන් දෙදෙනා සහ මහලූ නිවාසයේ සිටි හත් දෙනෙක් තුවාල ලැබූහ. යානය කඩා වැටෙද්දී නියමුවන් දෙදෙනා පැරෂූට ආධාරයෙන් යානයෙන් පිටතට පැනගෙන ඇත. යානය කඩා වැටුණු සැණින් පුපුරා ගොස් එයින් මහලූ නිවාසයට දැඩි හානි සිදුවුවත්, හාස්කමකට මෙන් එහි සිටි කිසිවකුටවත් බරපතළ තුවාලයක් සිදු නොවිණි. ප‍්‍රහාරක යානය යාන්ති‍්‍රක දෝෂයක් හේතුවෙන් කඩා වැටුණු බවත් අනතුර සිදුවෙද්දී යානය පුහුණු මෙහෙයුමක යෙදී සිටි බවත් ඇමෙරිකන් හමුදාව පවසයි.



අදහස් (0)

ඇමෙරිකා ප‍්‍රහාරක යානයක් මහලූ නිවාසයකට කඩාවැටේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රුසියන් ආරක්ෂක ප්‍රධානියා උතුරු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 15 0 0

රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී සර්ජි ෂොයිගු උතුරු කොරියාවට ගොස්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී ඇත. ඒ, එරට පියොංයැන්ග් අගනුවරදීය.


ටාජ් මහලට ජලය කාන්දු වෙනවා
2024 සැප්තැම්බර් මස 15 4 0

නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පිහිටි ටජ්මහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ජල කාන්දු වීමට පටන් ගෙන ඇත.


මෝදිට අලුත් යාළුවෙක්
2024 සැප්තැම්බර් මස 14 2213 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස පිහිටා ඇත්තේ නවදිල්ලි අගනුවර අංක 7 ලෝක් කල්යාන් මාර්ග් ලිපිනයේය.


රුසියන් පුවත් නාළිකාවට සම්බාධක
2024 සැප්තැම්බර් මස 14 119 0

රුසියාවේ අනුග්‍රහය ලබන, RT හෙවත් රුසියන් ටුඩේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාළිකාවට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. RT පුවත් නාළිකාව ඇමෙරිකාවේත්, බටහිර ර


බ්‍රිතාන්‍ය අගමැති බයිඩන් හමුවෙයි
2024 සැප්තැම්බර් මස 14 79 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියේර් ස්ටාර්මර් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි. ස්ටාර්මර්


බංග්ලාදේශ ඉන්දියා සබඳතා යහපත් වෙන්න ඕනෑ
2024 සැප්තැම්බර් මස 13 172 0

බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය කඩිනමින් අවසන් නොවුණොත්, එයින් අවාසි අත්වන්නේ බංග්ලාදේශයට යැයි විදෙස් දේශපාලන විශ්ලේෂක


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 44 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2091 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 963 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site