IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමෙරිකා-පාකිස්තාන ගැටලූ සාමකාමීව විසඳා ගනිමු

‘හකානී’ සටන්කාමීන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය, දුරදිග යෑමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගැනීමට ඇමෙරිකාවත් පාකිස්තානයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අවධාරණය කරයි. ඇමෙරිකා/පාකිස්තාන මිත‍්‍රත්වය යළිත් වරක් පළුඳු වූයේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හකානී’ සටන්කාමීන්ට පාකිස්තාන රජයේ සහ බුද්ධි අංශවල සහාය ලැබෙන බවට ඇමෙරිකා හමුදා මාණ්ඩලීක ප‍්‍රධානී අද්මිරාල් මයික් මූලන් චෝදනා එල්ල කිරීමත් සමඟය. එම චෝදනා මේ වනවිට ඔප්පු වී ඇතැයි ඇමෙරිකාව පවසයි. කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටින්නේ  කිසිම අවස්ථාවක ඉස්ලාමීය සටන්කාමීන්ට උඩගෙඩි නොදෙන බවය. ‘හකානී’ සටන්කාමී ජාලය, ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් යැයි ද ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වැඩිදුරටත් කියා සිටියි. හකානී ජාලයේ කටයුතු ගැන සොයා බැලීමට ඇමෙරිකාව පාකිස්තාන රජයෙන් කළ ඉල්ලීම පාකිස්තානය ප‍්‍රතික්ෂේප කිරීම නිසා දෙරටේ හොඳහිත පළුදු වී තිබේ. සහාය නොදක්වන්නේ නම් පාකිස්තානයට එරෙහිව යුදමය කි‍්‍රයා මාර්ගයක් ගන්නා බව ඇමෙරිකාව ප‍්‍රකාශ කිරීමත් සමඟ පාකිස්තාන රජය, ඇමෙරිකාවේ සිටින තම තානාපතිවරයා ද යළි ගෙන්වා ගැනීමට තීරණය කළේය. හකානී යනු අල් කයිඩාවට හිතවත් පාකිස්තානයේ කි‍්‍රයාත්මක සටන්කාමී සංවිධානයකි. ඉකුත් 13 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දීම පසුපස ‘හකානී’ සටන්කාමීන් සිටින බව ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකා හමුදා මාණ්ඩලීක ප‍්‍රධානී අද්මිරාල් මයික් මූලන් ද පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇත්තේ හකානී සටන්කාමී ජාලය සමඟ සම්බන්ධකම් තිබේ නම් ඒවා වහාම නවත්වන ලෙසටත් හකානී සටන්කාමීන්ගේ කටයුතු ගැන සොයා බලන ලෙසටත්ය. චීනයට සහ රුසියාවට මායිම්ව පිහිටි පාකිස්තානයට එරෙහිව ඇමෙරිකාව යුදමය කි‍්‍රයා මාර්ගයකට එළැඹුණහොත්, චීනයත් රුසියාවත් පාකිස්තානයට සහාය ලබා දෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. චීන රජය මේ වනවිටත් ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ පාකිස්තානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටය.

ඉස්ලාමාබාද් නුවරදීය (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකා-පාකිස්තාන ගැටලූ සාමකාමීව විසඳා ගනිමු

උදයංග Monday, 03 October 2011 08:32 AM

ඇමෙරිකාව පාකිස්තනයෙන්වත් මට්ටු වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site