මේ වසරේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසුම ඉතා උණුසුම් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රාන්ත 4ක ජය තහවුරු කරගෙන ඇත.
ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා තියුණු තරගයක් පැවැත්වෙන බවත් ඒ සඳහා ප්‍රාන්ත 11ක ඡන්ද විමසීමක් සිදුකෙරේ.
මේ අතර සීඑන්එන් රූපවාහිනියේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ජනප්‍රියත්වයක් ළඟා කරගෙන ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හෝ වැරදි කෙලින්ම මුනටම කියන තරමට ජය වේවා... (ම)
ජාතිවාදය, ආගම්වාදය ලොව පුරා ඉහළ යනවා. හැමෝම එකවගේ ඒවා අවුස්සනවා. (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයවේවා !!! හිලරි ක්ලින්ටන් කොටිදෙනක් වගේ (කෞ)
ඩොනල්ඩ් කියන්නේ කෙළින් කතාකරන කෙනෙක්. (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් දින්නොත් ගොඩ පොර දිනනවට එක්තරා ජන කොටසක් නම් බය වෙලා ඇති (බ)
ඩොනල්ඩ් තමයි හොඳම (නි)
ඩොනල්ඩ් කියන්නේ කොහොම කෙනෙක් වුණත් ඇමෙරිකන්කාරයෝ ඒ වගේ අයට කැමති නම් මොකද කරන්නේ. (නි)
ඇමරිකාවේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඔබාමා මහත්තයාට නැවත වතාවක් තරඟ කරන්න අවස්තාවක් යොදා නොගත්තේ ඇයි? අනික එහෙම උනා නම් එතුමාගේ ලොකු දුවට අනාගත ඇමරිකා ජනාධිපතිනියක් වෙන්නත් අවස්තාවක් ලැබෙන්න ඉඩ තිබුනා. අපරාදේ? (ර)
ජාතිවාදීව කතාකරන නායකයෝ හැමතැනම ජනප්රියයි වගේ. (ර)
ඩොනල්ඩ් ට්‍රම්ප් ආයේ දෙකක් නැහැ කියන්න ඕන එක මුනට කියනවා. අවංකයි. කරන්න ඕන ඇතැම් දැඩි දේවල් ගැන සමහර අපේක්ෂකයෝ කියන්නෙත් නැහැ. කරන්නෙත් නැහැ. එය කතාකරන්නේ හරි දේ. දැන් කෙරෙන්න ඕන දේ. හිලරි අනික් අතින් හුගක් ත්‍රස්තවාදයටත් වැරදි තීන්දු තීරණ වලටත් සම්බන්ධයි. ඉතින් මිනිස්සු ඩොනල්ඩ් මහතාට කැමති වෙන එක අහන්න දෙයක් නැහැ. (අ)