ඇමෙරිකාවේ අයවැය අර්බුදයට හේතුවක් වූ තම සෞඛ්‍ය ආරක්ෂක පනත ගැන ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා පෙරේදා (21) ධවල මන්දිරයේ දී විශේෂ දේශනයක් පැවැත්වීය.
දේශනය පැවැත් වෙද්දී, ඊට සම්බන්ධ වී සිටි ගැබිනි මවක සිහිසුන්ව ඇද වැටීමට ගිය අවස්ථාවේදී, ජනපති ඔබාමා වහා කි‍්‍රයාත්මක වී ඇය අල්ලා ගත්තේය. ඔබාමා ඇය අල්ලා නොගත්තේ නම් ඇය ඇද වැටීමට ද ඉඩ තිබුණි.
සිහිසුන්ව ඇද වැටීමට ගියේ සැන් ඩියේගෝහි පදිංචි කාමෙල් ඇලිසන් නම් කාන්තාවය. ඇය දියවැඩියා රෝගියෙක් ද වෙයි.
ඒ නිසා ඇමෙරිකාවේ දැනට කි‍්‍රයාත්මක වෛද්‍ය ක‍්‍රමය යටතේ ඇයට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කරය. කෙසේ නමුත් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත යටතේ ඇයට ද සෞඛ්‍ය රක්ෂණයක් ලැබී ඇත. ඇය දේශනයට එක් වී සිටියේ ඔබාමාට ඇගේ කෘතඥතාව පළ කිරීමට යැයි ද ඇමෙරිකන් පුවත් සේවා කියා සිටියේය.
කාමෙල් ඇලිසන් අල්ලා ගත් අවස්ථාවේදී ඔබාමා රැස්ව සිටි පිරිසට කීවේ, තම දේශන දිග වැඩි බවත් බොහෝ දෙනා ඒවා අසා සිටීමෙන් සිහිසුන් වන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පුදුමේ කියන්නේ මට අර මූණු සයයි,අත් දොලසයි කතාව මතක් වෙනවා . වටේ ඉන්න අයට කිසිම ගානක් නැහැ . ඔබාමාගේ ඇස ට විතරක් මේක අහු උනේ කොහොමද?(දිල්)
දේශපාලනය කරන්න විවිධ හැකියාවන් තිබිය යුතුයි. විශේෂ හැකියාව තමා රඟපෑමේ හැකියාව.එම නිසා විශාල නළු නිලියන් දේශපාලනයට සම්බන්ධ වන්නේ. (ස)
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්න බැහැ (නි)
ලංකාවෙත් දේශපාලකතුමාලගේ උත්සව වලට ගෙන්වන පාසල් ළමයි කොයිතරම් ඔය විදියට සිහිනැතිව වැටෙනවද? (නි)
ඔබාමා මහත්තයාගේ ළඟින්මනේ මෙයා ඉඳලා තියෙන්නේ. නිකන් සුදානම් කල වැඩක් වගෙයි. (ස)
අපෙන් ඉගෙන ගත්තු ඒවා තමයි ඔය. (ස)
වටේටම ඉන්න කට්ටියගෙ හැසිරීම් රටාව දැක්කහම මට හිතෙනවා ඔබාමා කතා කරන අවස්ථාවන් වල මිනිස්සු ක්ලාන්තය හැදිලා වැටෙන එක සාමාන්‍ය සහ බොහොම සුලබව සිදුවෙන දෙයක් හැටියට. (ස)
කලින් සුදානම් කරලා කරපු වැඩක් තමයි මේක. ඉස්සරහට තව තව අය සිහිසුන් වෙයි ඔය විදිහට ලොකෙන්ම ණයට අරන් කන්න ගියාම. (ස)
ඔබාමා ගැබිනිය දිහයි බලන් ඉඳල තියෙන්නෙ.(අ)
මේකත් ලංකාවේ වැඩක් වගේමයි. (ස)
පනත සම්මත කරගන්න බැරි පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසානේ ? ඔච්චර දඟලන්න අවශ්‍ය නැහැ. අපි කියලා දෙන්නම් කරන්න අවශ්‍ය දේ (නි)
කුමාරි, මටත් ඕක හිතුනා. අපෙන් ඉගෙන ගෙනද කොහෙද? දේශනය තිබ්බේ ඒ ගැණු කෙනා ළඟ හිටගෙනද ? (ස)
මෙතන අපැහැදිලි ඝට්ටනයක් තිබෙනවා වගෙයි මටත් පෙනෙන්නෙ. (ස)
ඔබාමා ආපස්සටත් හැරිලා කාන්තාව අල්ලා ගනිද්දි ලඟම ඉන්න කෙනා අත් දෙකත් බැඳන් බලන් ඉන්නවා .... පිටුපස පෝලිමත් එසේම තමයි. . . . අර වයසක ගෑණු කෙනා විතරයි හැරිලවත් බලන්නේ .... අනේ මන්දා මිනිස්සු .... (ස)
ඉදිරිය බලාගෙන කතා කරන ඔබාමා කෙසේද පිටුපස සිටින ගැබිනිය සිහිසුන් වෙනවා දැක්කේ .....? (ස)
කොහොමහරි ඔබාමා කරන්න යන්නේ රට වෙනුවෙන් හොද දෙයක්. (නි)
ඔබාමා පට්ට නළුවෙක් වගේ. (ස)
ඉස්සරහට තව තව අය සිහිසුන් වෙයි ඔය විදිහට ලෝකෙන්ම ණය ගන්න ගියාම. (නි)
ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැබිණි මාතාවක් ඉන්නවා කියලා දැන් වෙනස් කරන්න වෙයිද මන්දා ඒ කියමන? (නි)
2014 දී අපේ අයවැය වාර්තාව කියවනවිටත් ගැබිණි මවුවරුන් හා සංවේදී අය එය නැරඹීමෙන් වැළකීම ශරීර සෞඛ්‍යයට හිතකරයි කියා සිතමි. (නි)
මේකේ ලියන අයට අමු කැවිලා වගේ. මේ පින්තූරය අරගතේ ඊට පස්සේ. (ස)