ටොන් 9 ක් බරැති ට්‍රක් රථයකින් අඩි 100 ක පිම්මක් පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට විස්මිත වැඩ කිරීමේ දක්ෂයකු ලෙස නමක් දිනාගෙන සිටින ඇමරිකා ජාතික ග්‍රෙග් ජෙෆ්රි පසුගියදා සමත්විය.
මීට පෙර මේ හා සමාන බරැති ට්‍රක් රථයක් පැනීමට සමත්ව තිබූ විශාලම පිම්ම ලෙස වාර්තා වී තිබුණේ අඩි 62 කි.
වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජෙෆ්රි එතරම් දුරක් පැනගැනීමට හැකිවනු ඇතැයි තමන් කිසිසේත්ම නොසිතූ බව කීය.
පිම්ම පැනීමට ප්‍රථමයෙන් ට්‍රක් රථය පැයට සැතපුම් 70 ක පමණ වේගයකින් ධාවනය කිරීමට ජෙෆ්රි කටයුතු කළේය.විදුලි වේගයෙන් පස් වැටිය තරණය කළ ට්‍රක් රථය අඩි සියයක් දුරින් තිබූ අනෙක් පස පස් වැටිය කරා ළගාවූයේ තත්ත්පර ගණනක් ගුවනේ පාවීමෙන් අනතුරුවය.
ජෙෆ්රි මේ සමත්කම පෙන්වූයේ ඇමරිකාවේ මොන්ටානාහි පැවති විශේෂ උත්සවයක් අතරතුරදීය. මුලදී නරඹන්නන් කුල්මත් කරවීමට විනා වාර්තාවක් පිහිටුවීමට ට්‍රක් රථයක් ගුවනේ පාකිරීමට සංවිධායකයින්ගේ අදහසක් නොතිබුණත් ජෙෆ්රිගේ ඉල්ලීම මත ඔවුන් අදහස වෙනස් කරගෙන ඇති බව සදහන්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම බලන්නෙ හඳ දිහා නෙවෙයි,පෙන්නන එකාගෙ ඇගිල්ල දිහා. වේළුසුමන (බ)
යන්ට අයියන්ඩිලා යන්ට. අපි මොනවා හරි කීවොත් තමයි මෙතන...හරි නරකයි (බ)
අනේ හීන් මැනිකෝ, අප්පච්චි හේනට ගියාද ? (නදී)
අනේ හීන් මැණිකා එ්කෙත් හැටි නේ?(නදී)
හීන් මැණිකා පිස්සු කියනවා (නදී)
හීන් මැණිකව හොස්පිටල් එකෙන් හොයනවා.(නදී)
ලංකාවේ ගස් බණ්ඩා කෙනෙක් ඕක පැන්න නම් හින් මැණිකේ කියයි කොහොමද ජීව විද්‍යාව කියල. (නදී)
හීන් මැණිකෝ කහට ඩින්ගිත්ත්ක් අරන් වරෙන්කෝ මම උඹට ඔය ගැන පහදලා දෙන්නම් (නදී)
හීන් මැණිකත් හොඳ, හොඳ පිමි පැනපු පාටයි.(නදී)
හීන් මැණිකේ ඔයාට මේ වගේ දැනුමක් ඇති එක ගැන මම සතුටුවෙනවා. ඔය කොලොප්පම් කරන අයට එම දැනුම නෑ (නදී)
දැන් බලනකොට හීන් මණික ගේ ප්‍රකාශය තමය ජනප්‍රිය වෙලා තියෙන්නේ . ට්‍රක් එකේ පිම්ම ගැන කව්රුවත් කතා නෑ.(නදී)
එහෙනම් හින් මැණිකේ ඔය විද්‍යාවට අනුවම අපි දෙන්නත් ඔයිට වඩා දිග පිම්මක් පනිමුද බලන්න .. එතකොට ජීව විද්යාවෙන්ම ප්‍රතිපලයකුත් ලැබෙයි නේ .. මොකද කියන්නේ ? (බ)
භෞතික විද්‍යාව අනුව නම් මේවා මහා ලොකු වැඩ නෙමේ.(නදී)
හීන් මැණිකේ,ඇඹුල ගෙනල්ලා ගොවි රාළ පැනල ගිහිල්ලා...... (බ)
ගෑණු කටහඬට කුල්මත් වෙලා (බ)