2014 වසරෙන් පසුවත්, ඇමෙරිකා හමුදා කඳවුරු 9 ක් ඇෆ්ගනිස්තානයේ පවත්වා ගෙන යෑමට ඇමෙරිකාව සූදානම් බව ඊයේ (9) නිලවශයෙන් නිවේදනය කළේය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව, සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කර, ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට සූදානමින් සිටින්නේ 2014 වසරේදීය.
ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු, ඉරාකයේ සිදුවන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බහුල වේවි යැයි ඇෆ්ගන් රජය බිය පළ කරයි.
ඇමෙරිකා හමුදාව 2014 වසරෙන් පසු තම කඳවුරු ඇෆ්ගනිස්තානයේ තබා ගැනීමට සැරසෙන්නේ ඇෆ්ගන් රජයේ ආරක්ෂක අංශවලට සහාය දීමේ අරමුණින්ය. ඊට ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ ද අනුමැතිය හිමි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd