ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සිය, සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත, ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ගැන ද ඔත්තු බලා ඇතැයි ඊයේ (21) අනාවරණය විය.
මේ බව හෙළි කළේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ හිටපු නිලධාරී රුස් ටයිස්ය. මොහු සී.අයි.ඒ. නිලධාරියකු ලෙස කටයුතු කළේ බුෂ් ජනපති ධුරය හොබවද්දීය.
එන්.එස්.ඒ. ඒජන්සිය, ඔබාමා ගැන ඔත්තු බලා ඇත්තේ 2004 දී ඔබාමා සෙනෙට් අපේක්ෂකයකු වූ අවස්ථාවේදීය. ඒ, ඔබාමාගේ දුරකතන පණිවුඩවලට කන් දෙමිනි.
රුස් ටයිස් මේ බව පැවැසුවේ ‘හෆින්ටන් පෝස්ට්’ නමැති ඇමෙරිකානු පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡුාවකදීය.
ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සිය, සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත ඇමෙරිකානුවන්ගේ දුරකතන සංවාදවලට කන් දෙමින් ඔත්තු බලන බව මුලින්ම අනාවරණය කළේ ඇමෙරිකානු ජාතික එඞ්වඞ් ස්නෝඩන්ය. ඒ, මීට සති කිහිපයකට පෙරය.
ස්නෝඩන්, බි‍්‍රතාන්‍යයේ ‘ගාඩියන්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඒ බව කීවේ ඇමෙරිකාවෙන් පිට වී ඇවිත් චීන පාලනය යටතේ පවතින හොංකොං රැඳී සිටිමිනි.
ස්නෝඩන් කළ එම හෙළිදරව්වෙන් පසු ඇමෙරිකාවේ බුද්ධි අංශ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු රැුසක් අනාවරණය විය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඔවුන් ස්නෝඩන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවය.
COMMENTS
ඇමරිකාවේ ජනාදිපති කවුරු වුනත් රට දුවන්නේ එක්කෝ රිපබ්ලිකන් එකට නැතිනම් ඩිමොක්‍රටික් එකට ඕන විදිහට. සිඅයිඒ එක වැඩ කරන්නෙත් දිනපු පක්ෂෙට...(අ)
කෝ අර 'ට්‍රාන්ස්පේරන්සි'? (නි)
රටක් පාලනය කරන විට ජනතාව දැනගත යුතු දේවල් සහ ජනතාව නොදැන ගත දේවල් බොහෝමයක් තියෙනවා. නමුත් ආසියානු කලාපිය රටවල් වලට මෙම අවස්ථාව නැහැ (නි)
ඕක අහන්නත් දෙයක්ද? ඇමෙරිකානු ජනාධිපති කියන්නෙ සී.අයි.ඒ රූකඩයක්. සී.අයි.ඒ එකට අවශ්‍ය පුද්ගලයෙක්ව තමයි ජනාධිපති වෙන්න ඉඩදෙන්නෙ. CIA එකට අවශ්‍ය පුද්ගලයන්ට විතරයි අනාගත ජනාධිපති වීමට අවශ්‍ය අඩිතාලම දමාගන්න ඉඩදෙන්නෙ. සී.අයි.ඒ සංවිධානයට අනවශ්‍ය වුනාම සිටින ජනාධිපතිලව ඉවත්කරපු අවස්ථාත් ඕනතරම් තියෙනවා(හොඳින් හෝ නරකින්) (අ)
කෝ ඇමෙරිකාව කියන මානව හිමිකම්? එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කෝ? සමන් ලංකාතිලක, ඔබේ අදහස හරි. (නි)
සමහර විට මිෂෙල් ගේ වැඩක් වෙන්න ඇති.(නදී)