ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා දෙවැනි දිනටත් බීජිං නුවරදී අද (14) ආරම්භ විය.
එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී තිබෙන වෙළෙඳ අර්බුදය හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළවල් සහ ගෝලීය ආර්ථික වර්ධනය අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබේ.
දෙරට අතර වෙළෙඳ අර්බුදය නිමා කරගැනීම සඳහා පසුගිය දින කිහිපයේදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර නව සාකච්ඡා වටයක් ඉකුත් දා චීනයේදී ආරම්භ විය. නව සාකච්ඡා වටයේ දෙවැනි දිනය අදයි.
සාකච්ඡා පවත්වා දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති කරගන්නැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇති අතර ඔහු ඒ සඳහා මාර්තු 1 වැනිදා දක්වා කල් දී තිබේ.
චීනය පෙන්නුම් කරන ප්‍රගතිය අනුව එරට සමඟ වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී චීන ආනයන මත ඩොලර් බිලියන 200ක බද්දක් පැනවීමට තීරණය කළත් සාකච්ඡාවලට කල් දීම සඳහා එම තීරණය පසුවට කල් තැබීය.
ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය සහ ඇමෙරිකාව පසුගිය කාලයේදී එකිනෙකාගේ නිෂ්පාදන මත බදු පැනවූ අතර එම බදුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලයන 360 ඉක්මවා ගොස් තිබේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකාව සහ චීනය අතර සාකච්ඡා දෙවනි දිනයේදීත්