ඉලිනොයිස් පළාතේ කර්මාන්තපුරයක සිදුවූ වෙඩිතැබීමකින් 5 දෙනෙකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී තුවක්කුකරුවා ද මියගොස් ඇති අතර පොලිස් නිලධාරීන් 5 දෙනකුද වෙඩි වැදී තුවාල සිදුවී ඇත.
චිකාගෝ නගරයට නුදුරින් අවුරෝරාහි ජලනල අමතර කොටස් නිපදවන කර්මාන්තශාලාවකදී මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලිසිය පවසයි.
ඝාතකයා එම කර්මාන්තශාලාවේ සේවයේ යෙදී සිට සේවයෙන් පහකරන ලද 45 හැවිරිදි ග්‍රේ මාර්ටින් නම් පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
ඝාතකයා මානසික ආතතියකින් පෙළුණු බව ඔහුගේ පවුලේ අය පවසා ඇති නමුත් පොලිසිය පවසන්නේ මෙවැනි අනතුරක් සිදුකිරීමට හේතුව පැහැදිලි නොමැති බවයි.

(බීබීසී ඇසුරණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd