IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමෙරිකාව යළි පහරදුන්නොත් නිසි පිළිතුරු දෙන්න සූදානම්

මින් ඉදිරියට ඇමෙරිකාවට හෝ නෝටෝ හමුදාවට හෝ පාකිස්තාන භූමියට ඇතුළු වී කිසිම ආකාරයක පහර දීමක් කළ නොහැකි බවත් එසේ කරන්නේ නම් පාකිස්තානය ඊට නිසි ලෙස පිළිතුරු සැපැයීමට සූදානම් බවත් පාකිස්තාන හමුදාපති අෂ්ෆාක් කයානී අනතුරු අඟවයි. හමුදාපතිවරයා එම අනතුරු ඇඟවීම සිදු කළේ ඇමෙරිකා හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මියගිය පාකිස්තාන සෙබළුන්ගේ සහ නිලධාරීන්ගේ අවමංගල්‍යයට ඊයේ (28) සහභාගී වූ අවස්ථාවේදීය. ඇමෙරිකා ඩ්‍රෝන යානා හමුදා මුරපොළ ඉලක්ක කර එම මිසයිල ප‍්‍රහාර එල්ල කළේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව හරහා පාකිස්තානයට ඇතුළු වෙමිනි. එම මිසයිල ප‍්‍රහාර වලින් හමුදා සෙබළු 13 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය සිදුවූයේ අත්වැරදීමකින් හෝ අහඹු සිදුවීමක් නිසා හෝ නොවන බව පාකිස්තාන හමුදාපතිවරයා අවධාරණය කරයි. පාකිස්තානයේ ස්වෛරීත්වයට ඇමෙරිකාව ගරු කළ යුතු බව ද හමුදාපති කයානී වැඩිදුරටත් කියා සිටියි. ප‍්‍රහාරය එල්ල වූ බව සැලැවීමත් සමඟ පාකිස්තාන ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීය. ආරක්ෂක මණ්ඩලයේ මුලසුන හොබවන්නේ පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානිය. ඇමෙරිකාවට හෝ නේටෝවට පාකිස්තාන භූමියට ඇතුළු වී මින් ඉදිරියට කිසිදු ආකාරයේ මෙහෙයුමක් සිදු කිරීමට ඉඩ ලබා නොදීමට එහිදී එකඟත්වයක් ඇතිකර ගැණුනි. ඇමෙරිකා හමුදාව එසේ කරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට ද පාකිස්තාන ආරක්ෂක මණ්ඩලය එහිදී තීරණය කළේය. ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැලෙන විදෙස් හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය සැපැයීම සිදු කරන්නේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ටෝක්හම් සහ චාමාන් යන මාර්ග හරහාය. එම දේශසීමා මාර්ග මේ වනවිට වසා දමා තිබේ.



අදහස් (0)

ඇමෙරිකාව යළි පහරදුන්නොත් නිසි පිළිතුරු දෙන්න සූදානම්

ගිමාල් බණ්ඩාර Tuesday, 29 November 2011 04:14 PM

කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කියන්නේ මේකට තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site