2008 වර්ෂයේ නොවැම්බර් 26 වන දා මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් පිළිබ‍ඳ තොරතුරු ලබාදෙන්නට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බවට එක්සත් ජනපදය නිවේදනය කරයි.
 
මුම්බායි ප්‍රහාරය සිදුවී අදට වසර 10 ක් සම්පූර්ණ වේ.
 
ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් මීට සති දෙකකට පෙර  සිංගප්පූරුවේදී පැවැත්වුණි.
 
මුම්බයි ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් හ‍දුනාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ස‍දහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය බලාපොරොත්තු වන බව ඇමෙරිකාව  රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.   
 
ප්‍රහාරය  සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සදහා ඕනෑම අයෙකුට යුක්තිය සදහා ත්‍යාග වැඩසටහටනේ වෙබ් අඩවිය මගින් සහ [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ තොරතුරු ලබා දිය හැකි බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය. 
 
(63226  )