අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගිතා ගිවිසුමෙන් ඉවත්වීමට ඇමරිකාව තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය මැතිවරණ ප්‍රතිපත්තිවලදී කියා තිබුණේ ද එම ගිවිසුමෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි. ඒ අනුව ජපානය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, කැනඩාව, වියට්නාමය, පේරු හා මෙක්සිකෝ යන රාජ්‍යයන් සමග ඇමරිකා එක්සත් ජනපදයද ඇතුළත්ව සිටි අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගිතා ගිවිසුම සමග මින් ඉදිරියට ඇමරිකාව කටයුතු නොකරනු ඇත.
චීනයේ ආධිපත්‍යයට එරෙහිව ඇමරිකාවේ බලවත් බව ලොව තහවුරු කිරීමට හිටපු ජනපති බැරක් ඔබාමා මහතා මෙම ගිවිසුම අත්සන් කැර තිබිණි.
COMMENTS
විදේශිය සබදතා අඩු කළා වගේ.(හේ)
ඇත්තටම මේ ගිවිසුමෙන් ඉවත්වීම ඇමරිකාවට හිතකරය. මේ මඟින් වැඩි වාසි අත්වන්නේ එයට සම්බන්ධ අනිකුත් රට වලට පමණි. මේ ගිවිසුමට වියට්නාමය ඇතුළත්වී තිබීම ලංකාවට ගොඩක් අහිතකර තත්වයක තිබුනේ. මොකද ඉන් ලැබෙන තීරුබදු සහන යටතේ ඇමරිකාවට ඇඟලුම් අපනයනය කිරීමට ලංකාවේ ප්‍රධාන තරඟකරුවෙකු වන වියට්නාමයට අවස්ථාව ලැබෙනවා. මේ ගිවිසුමට ඇතුළත්වීමට ලංකාව කළ අයදුම හරිගියෙත් නැහැ (නි)