IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාව ‘‘දේශපාලන වයිරසයක්’’ පතුරුවනවා

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ‘‘දේශපාලනය වයිරසයක්’’ ව්‍යාප්ත කරමින් සිටින බවට චීනය චෝදනා කරයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (22) එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය සැසිවාරය ඇමතූ අතර එහිදි කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් චීනයට දැඩි ලෙස දොස් නැගීය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් චීනය එලෙස ඇමෙරිකාවට විශේෂයෙන්ම ට්‍රම්ප් පරිපාලනයට දොස් නැගීය.

‘‘ජාත්‍යන්තර ප්‍රජාව ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව දැඩි අරගලයක නිරත වෙද්දි, ඇමෙරිකා එක්සත් ජනපදය මහ මණ්ඩල සැසිය තුළ දේශපාලන වයිරසයක් ව්‍යාප්ත කරමින් ඉන්නවා’’ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින චීන තානාපති ෂැන්ග් ජුන් මාධ්‍යවේදීන් හමුවේ කීය.

‘‘ඇමෙරිකාවේ කෑගැසිල්ල මහ මණ්ඩල සැසියේ සාමාන්‍ය තත්ත්වයට ගැලපෙන්නේ නැති බව මම අවධාරණය කරන්න ඕනෑ’’ යැයි හෙතෙම කීය.

සිය කතාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා චීනයට දැඩි ලෙස දොස් නැගූ අතර ඊට පෙරත් නව කොරෝනා වයිරසය මුල් කරගනිමින් හෙතෙම චීනය විවේචනය කළේ ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයදීම ‘කොවිඩ්-19’ ගෝලීය වයිරස වසංගතය ‘‘චීන වයිරසය’’ යනුවෙන් ද හැඳින්වීය.

නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 200,000කට ජීවිත අහිමි වූයේ චීනය නිසා යැයි ද ජනාධිපති ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම කීය. නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

ඇමෙරිකාව ‘‘දේශපාලන වයිරසයක්’’ පතුරුවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site