ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි හොබොකන් දුම්රියෙපොළට දුම්රියක් කඩාවැදීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මගීන් විශාල පිරිසක් සිටි අවස්ථාවක අනතුර සිදුව ඇති බවත් කියති.
තමන් ජීවත්වීමට වාසනාව ලද බව අනතුරින් දිවි බේරාගත් පිරිස ට්විටර් පණිවිඩ ඔස්සේ සටහන් කර තිබූ බවද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව පැමිණි දුම්රිය හෝබෝකන් දුම්රිය නැවතුම්පොළේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම ගොඩනැගිල්ලට ද දැඩි හානි සිදුව ඇතැයි කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න රියදුරෙක් නැතුවද දුම්රිය ඇවිල්ලා තියෙන්නේ කියලා.