ලොව රාජ්‍ය නායකයන්ගේ දුරකතන සංවාද හොරෙන් අසා සිටින බවට චෝදනා එල්ල වීමත් සමඟ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානී ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් පෙරේදා (30) පියවර ගත්තේය.
ඇමෙරිකන් සෙනෙට් සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කරමින්, ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් කියා සිටියේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම ඔත්තු බැලීම් සිදු කළ බවය.
ඇමෙරිකාව සිදු කරන එම නීතිවිරෝධී ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට දොස් අහන්න සිදුවී ඇත.
COMMENTS
ඇමෙරිකාවට එයාලගේ ජාතික ආරක්ෂාවට ඕනෑම හිමිකමක් උල්ලංඝනය කරන්න පුළුවන්.අපිට අපේ රටේ ගැටලුව රට ඇතුලේ විසඳා ගන්න ගියාම තමා මානව හිමිකම් ගැන කතා කරන්නේ.අර පිළිල හදන නෝනා පිල්ලයාන් ගේ කටට මොනවා වෙලාද?? (ස)