චීන ජනාධිපති ජී ජින්පින්ග් ‘චීන සමූහාණ්ඩුවේ’ ජනාධිපතිවරයා ලෙස සඳහන් කරමින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ධවල මන්දිරය සමාව අයැද සිටි බව චීනය ප්‍රකාශ කළේය.
එය අත්වැරැද්දක් යැයි ද ධවල මන්දිරය නිවේදනය කළේය. ජනාධිපති ෂි ජින්පින්ග් ‘මහජන චීන සමූහාණ්ඩුවේ’ ජනාධිපතිවරයාය.
‘චීන සමූහාණ්ඩුව’ යනු තායිවානයේ නිල නාමයයි. තායිවානය එසේත් නැතිනම් ‘චීන සමූහාණ්ඩුව’ යනු තමන්ගෙන් කැඩී වෙන්වී ගිය කොටසක් යැයි ද එය යළි එකතු කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ද බීජිං අගනගරය කරගත් චීනය ප්‍රකාශ කරයි.
තායිවානය එසේත් නැතිනම් ‘චීන සමූහාණ්ඩුව’ තමන් ස්වාධීන රාජ්‍යයක් යැයි පවසද්දි චීන සමූහාණ්ඩුව යනු තමන්ගේ පළාතක් යැයි බීජිං අගනුවර කරගත් ‘මහජන චීන සමූහාණ්ඩුව’ ප්‍රකාශ කරයි.
මෙම වරද සිදු වූයේ ජර්මනියේ හැම්බර්ග්හි පැවැති ජී20 සමුළුව ඇමෙරිකා ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හමු වීමට පෙර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
එමෙන්ම ගෙවිගිය සතියක කාලයේදී ඇමෙරිකාවට එකම වැරැද්ද එය නොවීය. ධවල මන්දිරය නිකුත් කළ තවත් නිවේදනය “ජපානයේ අබේ ජනාධිපතිවරයා” ලෙසින් ජපාන අගමැති ෂින්සෝ අබේ හඳුන්වා දී තිබිණි.
ඒ.එෆ්.පී 055
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකාව චීනයෙන් සමාව ගනියි