ඇමරිකාවේ උතුරු ටෙක්සාස්හි ඇතිවූ චණ්ඩ මාරුතයකින් හා අයහපත් කාලගුණය හේතුවෙන් අඩු ගණනේ පුද්ගලයන් 11 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ප්‍රචණ්ඩකාරී වේගවත් වැසි සමග සුළං හා හිම පතනය හේතුවෙන් ගාර්ලන්ඩ් හි අට දෙනකු මියගොස් 15 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් කෝපිවිලී හා බ්ලූරිජ්වල තවත් මරණ දෙකක් සිදුව ඇති බවත් එරට පුවත් සේවා පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩනැගිලි 600ක් පමණ හානියට පත්ව ඇති බවත් ඒවායින් වැඩි ප්‍රමාණයක් එක් පවුල බැගින් වාසය කළ නිවාස බවත් වාර්තාවේ. ගාර්ලන්ඩ් පොලිසිය පවසනුයේ එම ප්‍රදේශය මුළුමනින්ම විනාශවී ඇති බවයි.
ප්‍රබල කුණාටුව අතරතුර සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇති බවත් ගාර්ලන්ඩ් පොලිසිය කියයි. අඩු තරමේ පුද්ගලයන් තිදෙනකුවත් වාහන තුළ මියගොස් සිටිය හැකි බව පොලිස් වාර්තා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවපුරාම මිනිසුන්ට කරදර! (නි)