ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර අධිවේගී මාර්ගයක පාලමක් ඊයේ(24) ගඟට කඩා වැටුණු බව වාර්තා වේ.
මංතීරු හතරකින් යුත් මෙම අධිවේගී මාර්ගය ඇමෙරිකාවේ සියැටල් සිට කැනඩාවේ වැන්කුවර් දක්වා වැටී ඇත. කඩා වැටුණු පාලම පිහිටා ඇත්තේ වර්නන් කඳුකරය ආසන්න ප‍්‍රදේශයේය.
පාලමේ කොටසක් මෙලෙස කඩා වැටී ඇති අතර ජීවිත හානි වාර්තා නොවූ බවත් ගඟට වැටුණු තිදෙනකුගේ දිවි ගලවා ගත් බවත් වොෂින්ටන් පොලිසිය පවසයි. අනතුර සිදු වන අවස්ථාවේදී මෝටර් රථ දෙකක් ජලයට වැටී ඇතැයි සිද්ධිය දුටුවෙක් කීය.