ඇමරිකාවේ ඔබාමා රජය එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට විකිණීම මගින් කලාපීය ආරක්ෂාවට බලපෑමක් නොවනු ඇතැයි පෙන්ටගනය කියයි.

‘අපි හිතන්නේ නෑ ඒක ඉන්දියාවට ගැටළුවක් වෙයි කියලා. අපි හිතනවා මේක උදව්වක් වෙයි කියලා පකිස්තානයේ ත්‍රස්ත මර්දනයට. ඒක ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවටත් වැදගත් ‍වේවි‘ යනුවෙන් පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක පීටර් කුක් පවසයි.

එෆ් 16 න්‍යෂ්ඨික ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට අලෙවි කිරීමට ඇමරිකා ජනපති ඔබාමාගේ රජය පසුගිය පෙබරවාරි 13 තීරණය කළ අතර ඒ සඳහා ඩොලර් මිලියන 700ක් වැයවන බව පකිස්තාන ආරංචි කියයි.

ඉන්දියාට ඒ සම්බන්ධයෙන් සිය විරෝධය ඇමරිකා තානාපති රිචඩ් වර්මාට ප්‍රකාශ කර තිබිණි.