IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාවෙන් ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ට ප්‍රහාර

නැගෙනහිර සිරියාවේ පිහිටි ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කඳවුරු කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ එල්ල කළ පළමු යුද ප්‍රහාරය මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වූ බවද ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය නිවේදනය කළේය.

මේ මස මුලදී ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ද පෙන්ටගනය සඳහන් කළේය.

“ජනාධිපති බයිඩන්ගේ උපදෙස් පරිදි ඇමෙරිකානු හමුදා නැගෙනහිර සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කඳවුරු වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා” යැයි පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
“ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා සහ ඒකාබද්ධ හමුදා ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළා” යැයි ද හෙතෙම කීය.

ඉරාක සහ සිරියානු දේශසීමාවේ පිහිටි සටන්කාමීන්ගේ කඳවුරු මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. ඉරානයේ සහාය ලබන කටායිබ් හිස්බුල්ලා (කේ.එච්) සහ කටායිබ් සයිද් අල් ෂුහාදා (කේ.එස්.එස්) යනාදී කඳවුරු රැසක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසේ.
මෙම ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වූ බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වන සිරියානු සංවිධානය නිවේදනය කළේය.

“මෙම ප්‍රහාරවලින් පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන ලොරි තුනක් විනාශයට පත්වුණා. තවත් පිරිසක් තුවාල ලබලා. දැනට තිබෙන තොරතුරු අනුව ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වෙලා” යැයි එම සංවිධානයේ අධ්‍යක්ෂ රාමි අබ්දුල් රහ්මාන් පැවැසීය.

ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපොළේ පිහිටි ඇමෙරිකාවට අයත් ප්‍රධාන හමුදා කඳවුරු මීට සති දෙකකට පෙර සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාර දෙකක් එල්ල විය. එම ප්‍රහාර මාලාවෙන් විදේශීය සිවිල් කොන්ත්‍රාත්කරුවකු මරණයට පත්වූ අතර ඇමෙරිකානු සොල්දාදුවකු ඇතුළු නවදෙනෙක් තුවාල ලැබූහ.

ඉරාකයට අයි.එස්.අයි.එල්. හෙවත් අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් වදින අතර ඊට සහාය දැක්වීම සඳහා 2014 වසරේ සිට ඇමෙරිකානු හමුදා ඇතුළු ඒකාබද්ධ හමුදා ඉරාකයේ ස්ථාපිත කර ඇත.
          



අදහස් (1)

ඇමෙරිකාවෙන් ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ට ප්‍රහාර

anura Friday, 26 February 2021 01:59 PM

ඒ අයට ඕනෑ වුණොත් ඕනෑම කෙනෙක්ගේ හිස මතට බෝම්බයක් ගසා ඝාතනය කිරීමේ අයිතිය තියෙනවා! මොන මානව හිමිකමක් වත් සලකන්නේ නැහැ. හැබැයි ඔවුන්ට කත් අදින සූත්තර පුංචෝ වගේ ඒ අය මෙහෙ ඉන්නකන් අපිට සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site