ඇමෙරිකා රජය එරට එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින්, සිදු කරන ඔත්තු බැලීමේ කටයුතුවලට එරෙහිව තීරණයක් ගැනීමට ජර්මන් පාර්ලිමේන්තුව ඊයේ (29) රැස්විය.
ජර්මන් පාර්ලිමේන්තුව එම හදිසි සැසිවාරය පැවැත් වූයේ, ඇමෙරිකන් රජය, ජර්මන් චාන්සල්වරියගේ දුරකතන සංවාද හොරෙන් අසා සිටි බවට විස්තර ඇතුළත් රහස් වාර්තාවක් ප‍්‍රසිද්ධියට පත් වීම මුල්කොට ගනිමිනි.
එම ඔත්තු බැලීම් ගැන ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකෙල් ඇමෙරිකාවට දොස් පවරා ඇත. එම අවස්ථාවේ, ඇමෙරිකන් ජනපති ඔබාමා ඇයට දුරකතන ඇමතුමක් දී කියා සිටියේ, ඔහු එම ඔත්තු බැලීම් ගැන දැන නොසිටි බවය.
එම සිද්ධිය මුල්කොට ගනිමින්, ජර්මන් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට ඇමෙරිකාවට ගොස් ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය සමඟත් එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය සමඟත් සාකච්ඡුා පැවැත්වූ බව ද වාර්තා වේ.
ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාවට වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරමින් ජර්මන් චාන්සල්වරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමටද සූදානම් වී සිටින්නීය.
ඇමෙරිකාව තම රටවල් සම්බන්ධයෙන් සිදුකරන ඔත්තු බැලීම් කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එම ඔත්තු බැලීමේ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ පොදු එකඟතාවක් ඇතිකර ගත යුතු බවත්, ජර්මන් චාන්සල්වරිය පවසා ඇත.
ජර්මනිය සහ බ‍්‍රසීලය වැඩි දුරටත් පවසා ඇත්තේ, තමන් ඇමෙරිකාවේ සමීපතම මිතුරක් බවත්, එසේ තිබියදී ඇමෙරිකාව තමන් ගැන ඔත්තු බැලීම ගැන තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බවත්ය.
ඇමෙරිකාව සිදුකරවන ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් වාර්තා දහස් ගණනින් මාධ්‍ය ආයතනවලට ලබා දී ඇත්තේ, එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන එඞ්වඞ් ස්නෝව්ඩන්ය.
ස්නෝව්ඩන් ලබා දුන් එම වාර්තා, බි‍්‍රතාන්‍යයේ ‘ගාඩියන්’, ප‍්‍රංශයේ ‘ලා මොන්ද්’ සහ ජර්මනියේ ප‍්‍රධාන පෙළේ පුවත්පත් රැසක් මේ වනවිට ප‍්‍රසිද්ධියට පත් කර ඇත.
ඇමෙරිකාවේ අත්අඩංගුවෙන් බේරී ස්නෝව්ඩන්, මේ වනවිට ජීවත් වන්නේ රුසියාවේය. ඒ, රුසියානු රජයේ රැකවල් යටතේය. ස්නෝව්ඩන්ට රුසියාවෙන් පිටවී යෑමට නොහැකිය. ඔහු එසේ කළහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී.
ඇමෙරිකන් රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ජර්මන් චාන්සලර් මාකෙල්ගේ පමණක් නොව, තවත් රාජ්‍ය නායකයන් 35 දෙනකුගේ දුරකතක සංවාද සහ ඊ මේල් පණිවුඩවලට හොරෙන් කන් දෙමින් ඔත්තු බැලීම් සිදුකර ඇතැයි නවතම වාර්තාවල දැක්වෙයි.
|
ජර්මන් චාන්සල්වරිය |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට කළකම් පල දෙන කාලය ඇවිල්ලා දැන්. යුරෝපය දැන් ටික ටික ඇමෙරිකාවේ කපටිකම් තේරුම් ගනීවි. ඉන්දියාවටත් ළගදීම හොද වැඩක් වෙයි (නි)
පුදුමය කියන්නේ සමහර රටවල් මෙවැනි දේවල් කරන අතරේ අපොයි අපි ඔය වගේ දේවල් කරන්නේ නැහැ කියන එකත්, ඇමෙරිකාව ඒක කරපු බව පිළිගන්න එකත්. අනික ඕස්ට්‍රේලියාවත් බළල් අතක් එහෙනම්. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. (ස)
ලෝක පොලිස්කාරයන්ගෙන් ඉල්ලාගෙන කන්නයි යන්නේ (නි)
මේක හොඳ අවස්ථාවක්. ඇමෙරිකාවට එරෙහි වෙන්න. ලෝක පොලීස්කාරයව හැම රටක්ම එකතු වෙලා දණ ගස්වන්න ඕනි. (ස)
අපට පක්ෂව ඡන්දය දීමත් ඇමෙරිකාවට විරුද්ධ වීමක්. එම නිසා අපට පකෂව ඡන්දය දෙන්න නියම වෙලාවට (ස)
කුම්බලා මාලු කෑවා නම් විදවාපන් කිව්වලු.. (ස)
මම මීට සතියකට විතර කලින් මෙම ඔත්තු බැලීම සම්බන්ධයෙන් සටහනක් පල කරා සමහරුන්ට මතක ඇති. ඒවා නැවත කියන එක තේරුමක් නැහැ. වෙනත් විස්තර ටිකක් කියන්නම්. මේ දුරකථන වලට සවන් දීමෙන් කරන ඔත්තු බැලීම ඇමරිකාව විතරක් නොවේ ලෝකයේ ධනවත්, බලවත් සෑම රටක්ම කරන දෙයක්.ලංකාවේ ඇති දුරකථන වලටත් මොවුන් මේ ආකාරයෙන්ම සවන් දෙනවා. මෙතනදී ඇමරිකාවට වැරදුනේ ලෝකයේ බලවත්ම කාන්තාවගේ දුරකතනයට සවන් දීම හා ඇගේ විද්‍යුත් ලිපි කියවීමයි. අනිත් කරුණ වන්නේ ජර්මනියේ හොඳම හිත මිතුරාද ඇමරිකාව වීමයි. බැරක් ඔබාමා කියනවා ඔහු මේ ඔත්තු බැලීම පිලිබඳව කිසිවක් දැන නොසිටි බව.ඒවා නම් විහිලු කතා. ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා මෙවැනි ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් .ඔවුන්ගේ රාජකාරිය දකුණු ආසියානු රටවල ඔත්තු බලා ඒ විස්තර ඇමරිකාවට දැනුන් දීමයි. මේ විස්තර පිලිබඳව මා දැනුවත් වුයේ පුවත්පත් කියවීමෙන් හා ගුවන් විදුලියට සවන් දීමෙනුයි. (ස)
ඒ වැඩෙත් අහුවුණා එහෙනම් ! (නි)
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රකින අන්දම මෙන්න... (නි)
විස්තර කිරීම වෙනුවෙන් ස්තූති චමත්. (ස)
ලුම්බිණි , ඇමරිකාව මේ කළ දෙය කැමැත්තකින් පිළිගත්තා නොවෙයි. යුරෝපාකරයේ තිබෙන මිතුරු රටවලින් ආ දෝෂාරෝපනය නිසා ඒගොල්ලන්ට පිළිගන්න සිද්ධ වුණා. (නි)
චමත්, සමහරවිට මේ මම කියන සිදුවීම වෙනකොට ඔබ ඔස්ට්‍රේලියාවට ඇවිත් නැතුව ඇති. මීට අවුරුදු 20 කට පමණ පෙර කැන්බරා නගරයේ චීන එම්බසිය හදන කොට ඒකෙ බිත්ති ඇතුලට පුංචි සවන් දීමේ උපකරණ සවි කරලා අහු උනා. ඊට පසුව මුළු ගොඩනැගිල්ලම කඩා ඉවත් කර විශේෂ ආරක්ෂාව යටතේ නැවත ඉදිකළා. (ස)
යන්තමට ඇති යුරෝපා රට වල ඇස් ඇරුණා. ජර්මනියට ස්තූතියි! ජය වේවා දුප්පත් රට වලට (නි)
සම්, මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කෙනෙක් නොවෙයි. මම ජීවත් වන්නේ ලංකාවෙයි. පොත පත ඇසුරින් දැනගත් කරුණුයි මම කියන්නේ. (ස)
හොඳ වැඩේ, මෙයාල පුංචි රටවලට අරියාදු කරන්නේ එකතු වෙලානේ. ස්නොව්ඩන්ව ආරක්ෂා කරන්න දෙවියනේ. (ස)
ඉන්දියාව ගොඩක් ලොක්කො මොබයිල් භාවිතා කරන්නේ නෑ නේ.ලංකාව්ත් ලොක්කෝ මොබයිල් නවතන්න කාලේ ඇවිත්. (ස)
චමත් , මට සමාවෙන්න. මම හිතුවේ මේ තරම් හොඳට ඕස්ට්‍රේලියාවේ වෙන දේවල් ලියුවේ ඔබ මෙහේ ජීවත් වන කෙනෙක් කියලා. ඕස්ට්‍රේලියාවේ තියන සැටර් ලයිට් ට්‍රැකින් ස්ථාන මඟින් කලාපයේම ඔත්තු බැලුවට ඕස්ට්‍රේලියාවට එම ඔත්තු දැන ගැනීමට ලැබෙන්නේ නැහැ.ඒවා කෙලින්ම ඇමෙරිකාවට ලබාගන්නවා. ඇමෙරිකවට කැමති දේවල් විතරක් පසුව ඕස්ට්‍රේලියාවට දෙනවා. ඕස්ට්‍රේලියාව බළල් අතක් හැටියට තමා පාවිච්චි කරන්නේ. (ස)
යන එන කරන දේවල් හිටන් එයාලා යතුරු හිලෙන් වගේ බලනවා. (ස)
චමත් ගේ කතාව ඇත්ත,මම කටාර් වල ඉන්නකොට මට මුණ ගැහුනා පකිස්තානු ජාතිකයෙක් ,එයාගේ ජොබ් එකත් සියලුම දුරකථන ඇමතුම් පටිගත කරන එක,මගේ යාළුවා පකිස්තානු ජාතිකයෙක්,එයාගේ යාළුකමට මටත් අවවාද කලා කටාර් රජය ගැන කිසිම දෙයක් කතා කරන්න එපා කියලා.(නදී),