
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි නොබෙල් සාම ත්‍යාගලාභිනී මලාලා යූසොෆ්සායි සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර හමුවක් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියක මෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසියකු ද වන 24 හැවිරිදි මලාලා විවාහකය. ඇය විවාහ වී සිටින්නේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අසේර් මලික් සමඟය. මලාලා උපතින් පාකිස්තානුවෙකි. ඇය 2012 දී තලේබාන් ත්‍රස්තවාදීයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගූ බැවිනි.
මලාලා, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලිකා අධ්‍යාපනය සම්බන්ධ විශේෂ නියෝජිතවරිය ලෙසය. ඇය ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් හමුවී, තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතුවුණු ඇෆ්ගනිස්තානයේ බාලිකාවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇය ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ, ඇෆ්ගන් බාලිකාවන්ගේත් කාන්තාවන්ගේත් අධ්‍යාපනය ලැබීමට, රැකියා කිරීමට සහ ජීවත් වීමට ඇති අයිතිය සුරැකීමට පියවර ගන්නා ලෙසය.
ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ තලේබාන්වරුන් යළි බලය අල්ලා ගත් අතර, ඔවුන් බාලිකා අධ්‍යාපනයට තහංචි පැනැවීම් කර තිබේ.
15 හැවිරිදි ඇෆ්ගන් දැරියක ඇයට පාසල් අධ්‍යාපනය අහිමිවූ බව දන්වමින් ඉතා සංවේදී ලිපියක් මලාලාට එවා ඇති අතර, මලාලා එම ලිපිය ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ට යොමු කිරීමට ද කටයුතු කළාය. ඇෆ්ගන් දැරිය එම ලිපිය එවා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ නමටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd