සෝල් (රොයිටර්)

තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය.
මේ අතර කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරන්නයි යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් වලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අණ දී තිබේ. උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික අවි සහ මිසයිල අත්හදා බැලීම නිසා උතුරු කොරියාව අවට තත්ත්වය උණුසුම් විය.
යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් මේ වන විට රැඳී සිටින ඉසව්ව පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළ නමුත් ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේ ඔවුන් ඉතාම ඉක්මනින් එහි ළඟා වනු ඇති බවයි. උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය.
“අපේ විමුක්ති හමුදාවන් සටනට සූදානම්. අවශ්‍ය වුණොත් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව එක ප්‍රහාරයකින් ගිල්වා දමන්න අපි සූදානම්“ යයි උතුරු කොරියානු පාලක පක්ෂයේ පුවත් පතක් කියා තිබිණ.
මෙම පුවත් පත විසින් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව හඳුන්වා දී තිබුණේ ‘සතුන් රැළක්‘ ලෙසිනි. “ඒ වෙතට කෙරෙන ප්‍රහාරය අපේ යුදමය ශක්තිය ප්‍රදර්ශනය කිරීමට හොඳම නිදසුනක් වේවි“ යයිද එහි සඳහන් විය.
COMMENTS
"බුරන බල්ලෝ හපා නොකති" කියල අපේ මුතුන් මිත්තන් කීවේ කට කහනවට නොවෙයි. උතුරු කොරියාව යනු දරිද්‍රතා හිනි පෙත්තේ ඉහලම ස්ථානය ගෙන තිබෙන, ජාත්‍යන්තර තලයෙන් බලනවිට ලෝකයේ හුදකලාවී තිබෙන රටවල් අතර මුල්ම තැන හිමිකරගෙන තිබෙන ඉතාමත් රහසිගත රාජ්‍යයකි. සිය රටවැසියන්ට කෑම බීම, නිවාස, ගමනා ගමන පහසුකම් පවා සැපයීමට නොහැකි, ලෝක දේශපාලනය ගැන අංශු මාත්‍රයක්වත් නොතේරෙන, එමෙන්ම ගරු නොකරන, උද්දච්ච කමින් ඉහවහා ගිය, අවි බලය සිය ඒකායන සිහිනය කර ගෙන තිබෙන මෝඩ තරුණයෙකි. අසරණ, දුප්පත් කොරියන් ජනතාවගේ බඩගිනි නිවීම සඳහා, දකුණු කොරියාව, රුසියාව, චීනය වැනි රටවලින් ලබා දුන් ආර්ථික ආධාර සිය රටේ න්‍යෂ්ටික බලය වෙනුවෙන් යොදා ගනිමින් රට තව තවත් පහලට ඇද දැමු උතුරු කොරියානු නායකයාගේ සිහිනය සැබෑ වෙයිද ? ලෝකයේ යුදමය බලවතා වන ඇමරිකාව සමග උතුරු කොරියාව ගැටීමට කරන මේ උත්සාහය, කොටින් කියනවා නම් කළු ගලක තමන්ගේ හිස ගසා ගැනීමක් වැනි දෙයක් නොවේදැයි කියා සිතා ගැනීමට තරම් මොළයක් උතුරු කොරියානු නායකත්වයට නැතිවීම සැබවින්ම කණගාටු දායක තත්වයකි !!!
ඔන්න කරනවානම් වැඩක්, තුන්වෙනි ලෝක යුද්ධය බලලම මැරෙන්න පුලුවනි..
සාමකාමී ලෝ වැසියන්ට විනාසයක් විය හැකි යුද්දය නිපදවන එසේත් නැතිනම් සොයා ගන්න හැම උගත් යයි කියන හැම අමනයෙකුටම සාප වේවා.
මෙයාලට වෙන්නේ ඉරාකෙට වුන එකේ අනිත් එක.
නන්දලාල් හරියටම කියල තියෙනවා .ඕක තමයි ඇත්ත .
සිංහයෙකුට මඩ නාගත් ඌරෙක් සටනට අභියෝග කල වගයි
ළිඳේ ඉන්න ගෙම්බෙකුගේ කතාවක්...
නන්දලාල්, අහලා හරි කියවල හරි තියනවද "වියට්නාමය" ගැන, ඒක තුන්වන ලෝකයේ, කොටින්ම කියනවනම් උතුරු කොරියාවටත් වඩා දුප්පත් රටක්. යුධ ශක්තිය අතින් අපේ මේ රටටත් වඩා අඩුව තිබුණු රටක්. හැබයි නන්දලාල් දන්නවද? ඒ කුඩා රාජ්‍ය ඔය කියන මහා යුධ බලවතාව 1954-1975 දී දණ ගස්සවපු බව. ඔයා වගේම ලෝකයේ යුධ විශේෂඥයෝ බලවත්ම සංවිධානය ලෙසට හදුන්වපු LTTE සංවිධානයත් නිවැරදි දේශපාලන සහ නිවැරදි යුධ නායකත්වය නිසා අවුරුදු තුනක් තරම් කෙටි කාලයකින් නිමා උනා. යුධ ජයග්‍රහණය මනින්නේ අවි ආයුධ වලින් නෙමෙයි, ඒ රටේ නායකයෝ, හමුදාව, ජනතාව ඒකට මූණ දෙන ආකාරයෙන... සමහර විට ඇමෙරිකාව අනාගන්නේ කොරියාවෙන් වෙන්නත් පුළුවන්.
මේකත් 2013 දී උතුරු කොරියානුවන් හිරුට ගිහින් දවසක් ඇතුළත නැවත ආපු බව කියපු රජයේ ප්‍රවෘත්තියක් වෙන්න ඇති....
චන්දන ලෝක ඉතිහාසය කියවන්න.. ඇමරිකාවත් එක්ක හැරෙන්නවත් උතුරුකොරියාවට බෑ. වියට්නාම් යුද්ධය කියන්නේ වෙනම කතාවක්... එතනදී ඇමරිකාව කිසිම යුධ සටනක් පරදින්නේ නා, නමුත් 1972 උතුරු වියට්නාමය සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව යුද්ධය නවත්වනවා.. නමුත් 1975 දී උතුරු වියට්නාමය ඒ ගිවිසුම කඩකරලා දකුණු වියට්නාමය අල්ලාගන්නවා හා ඇමරිකාවේ එවකට හිටපු ඩිමොක්රටික් පාක්ෂික කොන්ග්රසය දකුණු වියට්නාමයට ආධාර දීම ප්‍රතික්ෂේප කරලා ඔවුන් කොමියුනිස්ට් උතුරු වියට්නාමයට හා වියට්කොන් ගරිල්ලා භාටයින්ට් පරාජය වෙන්න හරිනවා..
මම නම් කියන්නේ කොරියාවේ ජනතාවට කරන අසහන කාරී ක්රියාකරිවලට එරෙහිව සටන් කිරීම සාධාරනයි
චන්දන ඔයා කියන කතාව හරි.
ලෝකයෙ සම්පත් ඩැහැ ගැනීමේ වියරුවෙන් පෙළෙන ඇමරිකාව පරමාණු ,ජෛව ,රසායනික ආයුධ රැස් කරමින් බරපතල මනුෂ්‍ය සංහාර සිදු කරමින් අනිකුත් රටවලට බලහත්කාරකම් කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි ."ලෝකයේ යුදමය බලවතා" යැයි කයිවාරු ගැසුවද වියට්නාම් ආක්‍රමණයෙන් සහ සැප්තැම්බර් 11 ප්‍රහාරය නිසා පස්ස බිම ඇනගත් මොවුන් උතුරු කොරියාවෙන්ද පාඩමක් ඉගෙන ගත්තොත් එය අරුමයක් නොවන බව කිව යුතුය .උතුරු කොරියාවේ කිම් ගැන මෙන්ම වර්ගවාදී ආගම් වාදී ට්‍රම්ප් ගැනද විවේචනයක් තිබිය යුතුය
කොමිනිස්කාරයෝ කියන්නේ අමුතු ජාතියක්.
මේකත් හරියට අර ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා කල ඇස් බැන්දුම වගේ දෙයක් , ඔවුන් චන්දෙට ඉස්සෙල්ල කිවුවේ පසුගිය ආණ්ඩුවේ හිටපු ආර්ථික හොරු අල්ලනවා කියල , චන්දෙට පස්සේ බොරුවට කොමිසම් පත්කරලා එකෙක් දෙන්නෙක් සති 2-3 රිමාන්ඩ් කරලා වැඩේ යට ගැහුවා , ජනතාව තමන්ගේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා මේ නාටකය බලන් හිටිය , ඇමෙරිකාවේ සහ උතුරු කොරියාවේ නායකයෝ රංග දක්වන්නේ මේ හා සමානම නාටකයක් , දෙරටේම තිබෙන ප්‍රශ්න වලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්න දෙපැත්තේම නායකයෝ මේ නාටකය රංග දක්වනවා , රුසියාව සහ චිනෙත් තම තමන්ගේ කොටස් රංග දක්වනවා
බුදු දහම අනුව , වෛරයෙන් වෛරය කෙලවර නොවේ. අවෛරයෙන්ම , වෛරය කෙලවර වන බවයි. ( පොල්ල කින් තමා ට ,කවුරුහරි ගහන්න එන මොහොතේ [වෛරය],තමාද එයට පෑටලූනොත්[වෛරය], ප්‍රථිපල ය විනාශ ය බවය.ධර්මය වදින , ගාථාවෙහි ගුණ 6 න් එක ගුණයක් වන ,අකාලික ගුණය ගැන නොදන්නා කෙනා මෙම පැටලී මෙම කර ගන්නා බවයි. සියලු දෙනා අසරණය දුකට පත් වන බවයි.අපි කැමති වුනත් අකමැති වුනත් , අඩු වයසින් මැරෙන. අඩු කාලයකින් විනාශ වන ,ජිව අජීවී ගැන හිතලා , අවබෝධ වෙන් හිත හදාගන්න.වෙනවා.අපි කැමති පරිදි සියලු දේ සිදු නොවන බවට ,තම සිත තුලින්ම දැකිය යුතුය.
ලංකාවට ඔය වගේ නැවක් අවෝත් මොකද කරන්නේ???
න්‍යෂ්ටික අවි අත දරා සිටින උතුරු කොරියානු නායකයා මන්ද මානසික තත්වයකින් පෙලෙන අයෙක් ද! ඇතැම් හැසිරීම් වලින් එවන් සැක ශංකා මතු නොවන්නේද !...ඔහු එවන් අයෙක් නම් ඔහුගේ න්‍යෂ්ටික වැඩ සටහන් සම්භාධක තුලින් හෝ නවතා දැමිය යුතු වේ. තත්වය වඩාත් දරුණු වන්නේ එවන් වටා පිටාවකදීය.
මෙම රටවල් දෙකේම පාලකයින් දේශපාලන වශයෙන් නොමේරු මන්ද බුද්ධිකයන් . එම නිසා අනික් රටවල නායකයින් බුද්ධිමත්ව ක්‍රියාකිරීම නුවනට හුරුයි
වියට්නාමේදී කව්රු දින්නද කියන එක නෙමෙයි වැදගත්. කව්ද පැරදුනේ කියන එකයි. කොරියාවේ යුද්ධයක් පටන් ගත්තොත් පරදෙන්නෙත් වියට්නාමේදී පැරදුන අයම තමයි !!! අහිංසක මිනිස්සු
ඇමෙරිකාව මේ සටනේදී තනියම නෙවී ඉන්නෙ, ජපානය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, සහ නේටෝ වගේ ගොඩක් රටවල් එක්ක.
මන් හිතනවා උතුරු කොරියාව අනවශ්‍ය ගැටුමක් ඇතිකර නොගෙන ඉන්න තීරණය කරොත් එක හොදයි. මොකද එයාල ගැන තීරණයේ හොද හෝ නරක විදින්න වෙන්නේ ලෝකය පුරා ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, සත්තුන්ටයි නිසා
තව ටිකෙන් අපේ නාමල්ට රට ගියානම් ඔය උතුරු කොරියාව වගේ වේවි ලංකාවත්.