ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකන් හමුදාවට අයත් බර්රාම් හමුදා කඳවුරෙන් ගුවනට නැගුණු බොයිං 747-400 වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් පසුගියදා හිටිහැටියේ කඩා වැටී පිපිරී විනාශ විය.
ගුවන් යානය කඩා වැටී පිපිරී යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ඊයේ (1) අන්තර්ජාලයට එක් කර තිබුණි. යානය කඩා වැටෙන අයුරු ඒ අසල මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ වීඩියෝ කැමරාවේ සටහන් වී තිබුණේ අහම්ඹෙනි. යානය කඩා වැටීමෙන් එහි නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයෝ හය දෙනා ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් සියල්ලෝම ඇමෙරිකානුවෝය.
ගුවන් යානය පෞද්ගලික ගුවන් සමාගමකට අයත් එකකි. තලේබාන් සටන්කාමීන් පවසා ඇත්තේ යානය කඩා වැටීමට සැලැස්වූයේ ඔවුන් බවය. සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙයි.
COMMENTS
අපෝ ඕක මොකද්ද? අපේ රටේ දවසකට අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් මැරෙනවද? එහෙම වෙලත් ඔය නොදන්නවා වගේ ඉන්නේ. (නි)
දැන් මරණය ගැන සමහර කට්ටිය කතා කරන්නේ එක එක විදිහටනේ. ඉතින් අපි ඕවා විහිලුවකට ගමු . (නි)
වරුණ. වීඩියෝ එක අපිනම් බැලුවා..(ස)
දර්ශන පෙළ ගැන කැමරාකරුට ස්තූතියි. එහෙත් මිනිස් ජීවිත? (නි)
සීට් බෙල්ට් තද කරගනෙ ගියාට ජීවිත බේරගන්න බැහැනේ. වෙන මොනවා හරි ක්‍රමයක් හොයාගන්න ඕනෑ (නි)
මැරුණු කට්ටිය ගැන දුකයි. සමහරු මැරෙන් නැති විදිහට කතාකරන්නේ හැම දේම විහිළු?(ස)
පින්තූර විතරද? වීඩියෝ නැද්ද අපිට බලන්න? (නි)
මේ ගුවන්යානය මම වැඩකරන ආයතනයට අයිති එකක්. මම මේ සිදුවීම ලගට ගියා. බොහොම කනගාටු වුනා. (නදී)