IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන්ටත් කොවිඩ්-19 එන්නත

 

 
ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසයේ සාමාජිකයන්ට නුදුරේදීම ‘කොවිඩ්-19’ එන්නත ලබාදෙන බව කොංග්‍රසයේ ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය බ්‍රයන් මොනහාන් අද (18) ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට එරට ජනතාවට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ඇමෙරිකාවේ එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කොංග්‍රස් සාමාජිකයන්ට එන්නත ලබාදෙනු ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේ ආරක්ෂක කවුන්සිලය කොංග්‍රසයටත් කොංග්‍රස් සාමාජිකයන්ටත් ලිපියක් ද යවා ඇත.

අදාළ ලිපියට අනුව ආණ්ඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑමේ දීර්ඝකාලීන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් නිශ්චිත ගණනකට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත ලබා දේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ බහුතරයේ නායක මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මිච් මැකොනෙල් සහ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායක සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන නැන්සි පෙලොසි ඉදිරි දින කිහිපයේදී තමන්ට එන්නත ලැබෙන්නේ යැයි වෙන වෙනම නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලේ සේවය කරන එන්නත අවශ්‍ය යැයි සැලකෙන පිරිසට ද එන්නත ලබාදෙන බව වෛද්‍ය මොනහාන් පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ සතිය මුලදී ඔවුන්ගේ මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම මේ වනවිටත් එන්නත් මාත්‍රා මිලියන 2.9ක් රටේ ජනපද සියල්ලටම බෙදා හැර ඇත.

රොයිටර් අනුග්‍රහයෙනි
- 055  

 



අදහස් (0)

ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන්ටත් කොවිඩ්-19 එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site