IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකානුවකු වූවා නම් ඡන්දය දෙන්නේ ඔබාමාට

තමා ඇමෙරිකානු පුරවැසියකු නම් ලබන නොවැම්බර් හය වැනිදා පැවත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ දී ඡන්දය දෙන්නේ ජනපති ඔබාමාට යැයි වෙනිසියුලා නායක හියුගෝ චාවේස් පවසයි. ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ දේශපාලන ප‍්‍රතිපත්ති විවේචනය කරන චාවේස් මේ බව කියා සිටියේ සෑම සති අන්තයකම පවත්වන සිය දේශපාලන රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේදීය. ඔබාමා, වෙනිසියුලාවේ කැරකස් නුවර වැඩකරන පංතියේ වැසියකු නම් ලබන 7 වැනිදා වෙනිසියුලාවේ පැවැත්වෙන ජනපතිවරණයේ දී ඔහු තමන්ට ඡන්දය දේවි යැයි ද වෙනිසියුලා නායකයා වැඩිදුරටත් කියා සිටියේය. ඊට හේතුව තමා සහ ඇමෙරිකා ජනාධිපති ඔබාමා ජනහිත හඳුනන ජනතා නායකයන් යැයි ද චාවේස් පැහැදිලි කළේය. වෙනිසියුලා ජනපතිවරණයට ඉදිරිපත් වන චාවේස්ට විපක්ෂ නායක හෙන්රීක් කැප්රිලේගෙන් අභියෝගයක් එල්ල වී ඇත. දේශපාලන ප‍්‍රතිපත්ති හේතුවෙන් සහ ජනපති ලෙස ගත් ඇතැම් තීරණ හේතුවෙන් ඔබාමාගේ ජනපි‍්‍රයත්වය ද මේ වනවිට පහළ වැටී ඇති අතර ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ නායක මිට් රොම්නිගෙන් ඔහුට ප‍්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ.



අදහස් (0)

ඇමෙරිකානුවකු වූවා නම් ඡන්දය දෙන්නේ ඔබාමාට

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:51 PM

හොඳ ලිපියක් (ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 02 October 2012 08:10 PM

ඔබතුමා ලාංකිකයෙක් වෙලා හිටියානම්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site