ඉන්දීය ඇමතිවරයෙකුගේ බිරිඳක ඇගේ සැමියාගේ ට්විටර් සමාජජාල වෙබ් අඩවියට හොරෙන් පිවිසී, ඔහුගේ අනියම් ප්‍රේම සම්බන්ධයක් අනාවරණය කර ගෙන ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
මෙම අකරතැබ්බට මුහුණ දී සිටින්නේ මානව සම්පත් ඇමැති ශෂී තරුර්ය. ඔහුගේ අනියම් පෙම්වතිය වී ඇත්තේ 45 හැවිරිදි පාකිස්තාන ජාතික මාධ්‍යවේදිනියකි.
ඇමැති ශෂී තරුර් තෙවරක් විවාහ වී ඇති අයකු බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
ඉන්දීය අමාත්‍යවරයා හා පාකිස්තාන මාධ්‍යවේදිනිය අතර හුවමාරු වූ ප‚වුඩ රැසක් මේ වන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ඇතැයි ද පැවැසෙයි.
අමාත්‍යවරයා සහ පාකිස්තාන මාධ්‍යවේදිනී මේරා තරාර් අතර පෞද්ගලිකවම සිදුවූ එම පෙම් ප‚වුඩ හුවමාරුවට අනුව මාධ්‍යවේදිනිය ඇමැතිවරයාට සිය ආදරය ප්‍රකාශ කර ඇති බවත් ඇමැති බිරිය ඒ ගැන දනගෙන ඇති බවත් වාර්තා වේ.
ශෂි තරුර් තම වන ට්විටර් ගිනුමේ අනුගාමිකයන්ට ප‚වුඩයක් තබමින් පවසා ඇත්තේ තම ට්විටර් ගිනුම හැක් කර ඇති බවය.
පාකිස්තාන මාධ්‍යවේදිනිය තම ට්විටර් ගිණුමේ ප‚වුඩ රැසක් තබමින් පවසා ඇත්තේ තමන් හා ඉන්දීය අමාත්‍යවරයා අතර කිසිදු ආදර සම්බන්ධයක් නොමැති බවය. (ඒඑෆ්පී)
COMMENTS
අපේ ඇමතිලා කී දෙනාද දන්නේ ට්විටර් යන්න. (නදී)
ලංකාවෙත් ඇමති බිරියන් හරියට හිටියොත් අපේ රට හොඳට හදන්න පුළුවන්. (නදී)
දේශ සීමා නැති ආදරය.(නදී)
අපෙත් ඔහොම වැඩක් වුනා පහු ගිය කාලේ.(නදී)
පව් අහංසක ජිවිතයක් නැති වුනා තුන් වැන්නෙක් නිසා.(නදී)