IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇපල් සමාගම පාරිබෝගිකයන් ගැන සිතයි : එෆ්.බී.අයි ඉල්ලීම ඉවත දමයි

සැන් බර්නාඩිනෝ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වෙඩික්කරුවකුගේ ඇපල් දුරකථනයේ  දත්ත ලබාගැනීමට ඔබාමා පාලනයට උදව් කරන ලෙස  ඇමරිකා   උසාවියක් නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නියෝගයට විරුද්ධව ඇපල් සමාගම සටන් කිරීමට උත්සහ කරන බව ද සදහන්ය.

මෙයට හේතුව වන්නේ එම දුරකථනය එසේ හැක් කළහොත් ඇපල් සමාගම පිළිබද පාරිභෝගිකයන් ගේ අවිශ්වාසයක් ඇති වීම බව කියති.

”අප එෆ්.බි.අයි කෙරෙහි සැහෙන ගෞරවයක් තබා ක්‍රියා කරනවා. ඔවුන්ගේ චේතනාව හොද යැයි සිතනවා. මේ වන තෙක් ඔවුනට උදව් කිරීමට අපගේ බලය සහ නීතිය තුල සිදු කල හැකි සියලුම දේ කර තියෙනවා. නමුත් එක්සත් ජනපද රජය දැන් අපට කිසිසේත්ම කළ නොහැකි, ඒ වගේම අපි නිර්මාණය කිරීමට භයානක යයි සිතන යමක් කිරීමට කියනවා. ඔවුන් අයි ෆෝන් හි පිටුපස දොර විවර කිරීමට යැයි කියනවා .” යැයි ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කුක්   ප්‍රකාශ කර තිබේ.

2015 දෙසැම්බර් 02 දින කැලිෆෝර්නියාවේ සැන් බර්නාඩිනෝ නගරයේ උත්සවයකට එල්ල කර ප්‍රහාරයට සම්බන්ධ පකිස්තාන යුවලකට අයත් දුරකතනයක් පිළිබද මෙම ගැටළුව උත්ගත වී තිබේ.

ප්‍රහාරය සිදු කරන ලද්දේ පකිස්තානු සම්භවයක් සහිත සයිඩ් ෆාරුක් සහ ඔහුගේ බිරිඳ ටෂ්ෆීන් මලික් යන යුවල බව ඇමෙරිකාව කියයි. එම ප්‍රහාරයෙන් 14 දෙනෙක් මිය ගොස් 22   ක් තුවාල ලදහ.

ආරක්ෂක අංශ එම ත්‍රස්තවාදියාගේ දුරකතනයේ රහස් අංකය නොදන්නා බවත්, ඇපල්  සමාගමට පමණක් එය සිදුකල හැකි බවත්, සමාගම සහාය දක්වන්නේ නැති බවත් එෆ් බි අයි නිලධාරීන් උසාවියට දන්වා තිබේ. 

ලොව පුරා සහ රට පුරා සිටින ඇපල් සමාගමේ පාරිභෝගිකයන් පරදුවට තබා කටයුතු කලළ නොහැකි බව ඇපල් සමාගම කියා සිටියි.  



අදහස් (0)

ඇපල් සමාගම පාරිබෝගිකයන් ගැන සිතයි : එෆ්.බී.අයි ඉල්ලීම ඉවත දමයි

සනා Wednesday, 17 February 2016 04:49 PM

මට පුළුවන් රහස් අංකය හොයල දෙන්න ........මෙහෙමත් බොරු (රේ)

:       0       0

සමන් Thursday, 18 February 2016 08:26 AM

අපෝ ඇපල් සමගම අපිට ඇපල් පෙන්නුවට ඔය තොරතුරු දැනටමත් එෆ්.බී.අයි එක ගාව ඇති, නීතියෙන් ඔප්පු කරන්න බැරි විදිහට. මේක ප්‍රසිද්දිය සදහා කරන දැන්වීමක්. අපි නොදන්නා ඇමෙරිකන් ටැක්ටික්. (ර)

:       0       0

නාමල් Thursday, 18 February 2016 09:48 AM

ජාතික ආරක්ෂාව පාරිභෝගිකයින්ට වඩා වැදගත් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site