IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇන්ටාක්ටිකාවෙන් යෝධයෙක්

වසර ලක්ෂ හතලිහකට පමණ පෙර ජීවත් වූවා යැයි සැළකෙන යෝධ පෙන්ගුවින් කුරුල්ලකුගේ ඇටකටු ඇන්ටාක්ටිකාවෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

අඩි හතකට ආසන්න උසකින් යුතු මේ යෝ‍ධ පෙන්ගුවින් මෙතෙක් සොයාගෙන ඇති සියළුම පෙන්ගුවින් කුරුල්ලන්ට වඩා උසින් වැඩි බව පර්යේෂකයෝ කියති. පැලීයුඩිප්ටස් ක්ලෙකොව්ස්කි ලෙස නම්කර ඇති මේ සත්ත්වයාගේ බර කිලෝ ග්‍රෑම් 115 පමණ වන්නට ඇතැයි නිගමනය කැර තිබේ.

ආජන්ටිනාවේ ලා ප්ලෙටා කෞතුකාගාරයේ ආචාර්ය කැරොලිනා අකොස්ටා මහත්මිය පවසන්නේ මේ පෙන්ගුවින් විශේෂය ජීවත් වූ කාලයේ ඇන්ටාක්ටිකාව අදට වඩා උණුසුම්ව පවතින්නට ඇති බවයි. එකළ ඇන්ටාක්ටිකාවේ පෙන්ගුවින් විශේෂ 10ත් 14ත් අතර ප්‍රමාණයක් සිටින්නට ඇතැයි ද මේ ඒ සියළු දෙනා අතරින් විශාලත ම විශේෂය බව ද ඇය පවසයි.

දැනට ලෝකයේ සිටින විශාලතම පෙන්ගුවින් විශේෂය වන එම්පයර් පෙන්ගුවින්ටත් වඩා විශාලත්වයෙන් වැඩි මේ විශේෂය ගැන පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ ශරීරයේ විශාලත්වය සැළකූ විට අවම වශයෙන් විනාඩි 40ක් වත් වතුර යට සිටින්නට ඇති බවයි.

අස්ථි පද්ධතිය, ශරීර හැඩය හා විශාලත්වය සැළකූ විට මේ සත්ත්වයාගේ ප්‍රධාන ආහාරය මත්ස්‍යයන් විය හැකි බවත් ඉතා වේගයෙන් ගොදුරු ඩැහැගැනීමට හැකි සත්ත්වයකුව සිටින්නට ඇති බවත් ආචාර්ය අකොස්ටා මහත්මිය වැඩිදුරටත් කියයි. 

article-2715550-203F0FDC00000578-936_634x351 article-2715550-203E757500000578-918_634x781 article-2715550-203E0C1F00000578-686_634x446 article-2715550-203DE91100000578-418_634x693



අදහස් (0)

ඇන්ටාක්ටිකාවෙන් යෝධයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site