දුගියා හා ධනවතා අතර අහසට - පොළව පරතරය ඔවුනොවුන්ගේ කෑම මේස වලින් පෙන්වාදීමට ඇමරිකා ජාතික ඡායාරූප ශිල්පියෙක් කටයුතු කර ඇත.
‘පවර් හන්ගි‍්‍ර‘ (බලයට කෑදරයි) ලෙස නම් කර ඇති මේ ඡායාරූපයන් වල අතීත රෝම,ඊජිප්තු ශිෂ්ටාචාර සිට අද දිනයේ නූතන මානවයා දක්වාම පැවතගෙනවිත් තිබෙන දුප්පත් - පොහොසත් භේදය මනාව සටහන් කිරීමට ඔහු සමත්ව ඇත.
ඊජිප්තු ශිෂ්ටාචාරයේ ධනවතුන් රසමවුලෙන් පිරි ආහාර වේලක් භුක්ති විදිද්දී දුගීන්ට පාන් කැබැල්ලක් හා එළවළු ඩිංගකින් සෑහීමකට පත්ව සිදුවූ හැටිද,රෝම ශිෂ්ඨාචාරයේ ඉහළ සමාජ තලවල සිටියෝ මසුන්,පළතුරු,එළවළු ආදී සකළ විධ ආහාර වලට හිමිකම් කියද්දී දුප්පතාට මිලට් ධාන්‍යයෙන් කුසපුරවා ගැනීමට සිදුවූ හැටිද ඔහු ඡායාරූපයට නගා තිබේ.
ඔහුගේ ක‍්‍රමවේදය වී තිබෙන්නේ මේසයක් දෙකට බෙදා එක් පසෙක දුගීන්ට හිමි ආහාරත් අනෙක් පස පොහොසතුන්ට හිමි ආහාරත් තබා ඡායාරූපයන් ගැනීමය.මෙනිසාවෙන්ම ඒවා ක්ෂණිකවම සිතට වදී.
නූතන ශිෂ්ඨාචාර වල දුප්පත් හා පොහොසත් ආහාර වේල් වල වෙනස්කම් තම කැමරාවේ සටහන් කිරීමටද සමත්ව ඇති ඔහු ‘පාන් නැත්නම් කේක් කාපන්‘ යැයි ප‍්‍රංශයේ මාරි ඇන්ටොනේට් රැජින තමන් ඇතුළු රජ පිරිවර සුපිරි පන්නයේ ආහාර භුක්ති විදිද්දී සාමාන්‍ය ජනතාවට අණ කළ අන්දමද නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමට සමත්ව තිබෙන්නේ මේසයේ එක් පසෙක එළවළු,විස්කෝතු,වයින් ආදී ආහාරපාන තබා අනෙක් පස දුර්වර්ණව ගිය කේක් කැබැල්ලකුත් ජල බඳුනකුත් තබාය.
අනතුරුව ලොව වත්මන් තත්ත්වය පෙන්වාදී තිබෙන ඔහු ඇමරිකාවේ,සිරියාවේ හා උතුරු කොරියාවේ ආහාර මේස කෙරෙහි අවධානය යොමුකර තිබේ.ඇමරිකාවේ ආහාර මේසයේ ලොකු වෙනසක් නොතිබුණත් සිරියාවේ හා උතුරු කොරියාවේ ආහාර මේස දකින විට ලොව මෙවන් තත්ත්වයක්ද තිබෙන බව නැවත නැවතත් සිහිගැන්වේ.
සිරියාවේ ආහාර මේසයේ දුගියාගේ පැත්තේ ඇත්තේ ලූණු බිදක් පමණි.අනෙක් පැත්තේ රසමවුළුය.ජනපති බෂීර් අල් අසාඞ් වුවමනාවෙන්ම සිරියාවේ ආහාර බෙදාහැරීම් තහනම් කර ඇති බව කියැවේ.ඔහුගේ උත්සාහය වී තිබෙන්නේ කැරලිකරුවන් අඩපණ කිරීම වුවත් එයින් පහර වැදී ඇත්තේ සාමාන්‍ය ජනතාවටය.
උතුරු කොරියාවේ පොහොසත් පැත්ත වසා විවිධ වර්ගයේ ආහාර වර්ගයන්ය.දුප්පත් පැත්තේ ඇත්තේ සුප් බදුනක් හා විස්කෝතුය.උතුරු කොරියාවේ ළමෝ මන්දපෝෂණයෙන් පෙළෙන බවටත් තොරතුරු වාර්තාවීද ඇත.නමුත් රටේ පොහොසතාට ඒ බව ගණනක් නොමැති සැටිය.
මෙවන් ඡායාරූප ගොන්නක් ඉදිරි දිනවලදී නිව්යෝරක් නගරයේ ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.ඇඳුමින් පැළඳුමින්,යාන වාහන නිවාස ඉඩකඩම් වලින් සැමදාම දකින දුප්පත් පොහොසත් භේදයට වඩා මෙම ඡායාරූපයන් සිතට වඩාත් කාවදින බව මේ පුවත සම්බන්ධයෙන් අදහස් පළ කරතිබූ බොහෝදෙනා සදහන් කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට ලංකාවේ කෑම මේසයකුත් දෙකට බෙදලා තියන්න ඕනේ දේවල් මොනවද කියලා අපිත් හිතලා බලමුද ? (ස)
රජ මැදුරක හිටියානම් (අ)
අපේ රටේ ලොක්කෝ කන්නේ කුරහන් රොටි ,අපිට කැවෙන්නේ ච්යිනීස් නූල්ඩස් (අ)
වැඩි කල් නොයා අපිටත් මෙම තත්වය අත් විඳින්න වෙයිද මන්ද? (නදී)
අපේ නම් මීට වෙනස්. දුප්පත් අපි කොස් දෙල්, අල බතල, කොහිල, තිබ්බොටු, කෙසෙල් මුව, ගොටුකොල, තෙබු, ඉරිඟු තලප, අඹ,රඹුටන්, පේර, වෙරළු. පුංචි මාලු.... පොහොසත්තු මැක්ඩොනල්, චයිනීස්, බර්ගර්, එළු මස්, ඉස්සෝ, පොකිරිස්සෝ, කුකුළු මස්, බුරියානි... ඉතින් කවුද හොඳට කන්නේ කියලා බලන්නකෝ. (නි)
අපි කන හැටි ලිපාදනී. පැරණි පිරුළ මතක් කරණවා හැර කුමක් කරන්නද? (නදී)
මට නම් පෙනෙන්නේ ලංකාවේ කෑම මේසෙ මීට වඩා බෙදිලයි තියෙන්නේ කියලයි. (නි)
අදත් මේක හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. බලය ඇත්තෝ කෑදරකමෙන් සියල්ල භුක්ති විඳිනකොට පොඩි අය ලෙවකනවා. (නි)