පියාසර කරමින් තිබූ ඇමෙරිකා ගුවන් යානයක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එය හදිසියේ ම චිකාගෝ ගුවන් තොටුපොළට ගොඩබැස්සවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය නිවාක් සිට ඩෙන්වර් දක්වා පියාසර කරමින් තිබිණි. තමන්ගේ අසුනට පිටුපසින් සිටින පුද්ගලයකු ආසනය ඇළ කැර ගැනීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කරන බව පවසමින් කාන්තාවක් මේ ගෝරියට මුලපුරා ඇත.
මේ මගියා භාවිතා කරන යම් උපකරණයක් හේතුවෙන් කාන්තාවගේ අසුනට බාධා සිදුවන බව දුටු ගුවන් යානා සේවකයකු එය ඉවත්කරන ලෙස ද මගියාට දැනුම් දී තිබේ. මගියා එය නොතකා ක්‍රියාකිරීම හේතුවෙන් කෝපයට පත් කාන්තාව වතුර කෝප්පයකින් පිරිමියාගේ මුහුණට දමා ගසා ඇතැයි ද වාර්තා වේ.
ගැටුම පාලනය කැරගත නොහැකි විමත් සමග යානය චිකාගෝ ගුවන් තොටුපොළට ගොඩබැස්විමට නියමුවා කටයුතු කළේය. ගැටුමට සම්බන්ධ දෙදෙනා යානයෙන් ඉවත්කිරීමෙන් පසු යානය යළි ගුවන්ගත වී තිබේ. මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එකේදී තමන්ගේ ඇඟපත අතගෑවත් සංස්කෘතියට පින්සිද්ධ වෙන්න කටපියාගෙන යන අපේ කාන්තාවන්ට කනේ පාරක්. (නි)
ඇමරිකන් යානා වලට අපලයි වගේ (නි)
සීට් "රෙක්ලයිනර්" ප්‍රශ්නයක් නේද? (නි)
ඕකනේ අපි අහස් යාත්‍රාවකට නගින්නේ නැත්තේ !! (නි)