එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (4) ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.
ඉකුත් 21 වැනිදා සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරයට එරට රජය සම්බන්ධ දැයි ස්ථිරව දැනගන්නා තුරු සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වලකින්නැයි මහ ලේකම් මූන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
එම විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමක් සිරියාවට ගොස් පරීක්ෂණ පැවැත්වීය. එම පරීක්ෂණ අවසන් වූයේ ඉකුත් 31 වැනිදාය.
විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට සාක්ෂි රැසක් ලැබුණු බවත්, ඒ ගැන අවසන් වාර්තාවක් සති තුනකින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට සහ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පරීක්ෂකයෝ එම අවස්ථාවේදී පැවැසූහ.
විස වායු ප‍්‍රහාරය එල්ල කළේ සිරියානු රජය යැයි කැරැලිකාර පාර්ශ්වය චෝදනා කරන අතර සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය චෝදනා කරන්නේ විස වායු ප‍්‍රහාරය කැරැුලිකරුවන් විසින් සිදු කරනු ලැබූවක් කියාය.
සෙරීන් විස වායුව රසායනික අවියක් ලෙස භාවිතයට ගැනෙන අතර ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ විශාලතම සෙරීන් විස වායු තොගය ඇත්තේ සිරියානු රජය සතුව කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ඕනේ නම් ගහනවා නැත්නම් නිකන් ඉන්නවා (දී)
ලංකාවත් ලගදිම යෝජනාවක් සම්මත කරයි.(නදී)
මෙයා මෙහෙම කිවූ එකේත් යටි අදහසක් ඇති.ඒක මොකක්ද කියලා හෙට අනිද්දා දැන ගත හැකිවේවි (නි)
ලොකු පුදුමයක් බෑන්කි මූන් මෙසේ කීම. කුමක් නිසා මෙසේ කිවුවාද දන්නේ නැහැ (නි)
ඔන්න ඔහේ දීලා දාන්න මූන් මහත්තයෝ සවුත්තු වෙන්නේ නැතුව. අපි නම් ඇමෙරිකාවට මුකුත් කියන්නේ නැහැ. (නි)
අපි කැමති නැහැ සිරියාවට ගහනවට.(නදී)
මට බයේ බෑ බෑන් කි මුන්ට තරහ ගියොත් මොනවා කරයිද කියල. ඇමෙරිකාව වෙව්ලන්න ඇති බය වෙච්ච පාර. පරීක්ෂකයන්ගේ වාරතාව මොකක් වුනහම මොකද. ඇයි, ඉරාකෙදිත් පරීක්ෂණ වාරතාවෙන් කිව්වේ රසායනික අවි නැහැ කියලනේ. ඒත් මොකද වුනේ? සිංහයයි, හාවයි. (අ)
අමෙරිකාවත් දෙකඩ වීම වැඩි ඈතක නෑ (දී)