IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආජන්ටිනාවේ හිටපු අගමැතිනි කි‍්‍රස්ටිනාට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක්

ආජන්ටිනාවේ පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා දෙවන වරටත් බලයට පත්වීමට මධ්‍ය වාමාංශික දේශපාලනඥයෙකු වන එරට හිටපු අගමැතිනී කි‍්‍රස්ටිනා කර්ච්නර් පෙරේදා (23) සමත් වූවාය. ඡන්ද ප‍්‍රතිඵලවලින් අඩක් නිකුත් කර තිබියදී බුවනෝස් අයර්ස්හිදී පැවැති රැස්වීමක දී ඇය කියා සිටියේ නැවත වරක් එරට ජනාධිපති ධුරයට පත් වූ ප‍්‍රථම කාන්තාව වීම පිළිබඳ තමා සතුටු වන බවයි. ඒ වන විට ඇයට සියයට පනස්තුනක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිව තිබුණි. ඇගේ ප‍්‍රතිවාදියා වූ හර්මෙස් බිනර් සියයට දහහතක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අතර එවන් විශාල පරතරයකින් ජනාධිපතිවරණයක් ජයගෙන තිබුණේ මීට පෙර ආජන්ටිනාවේ සියයට හැට දෙකක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා බලයට පත් වූ ජෙනරාල් ජුවාන් ඩුමින්ගෝ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වාර්තා කළේය. ජනාධිපති මන්දිරය ඉදිරිපිටට රැස්වූ දහස්ගණන් ජනයා නිල් සහ සුදු වර්ණවලින් යුත් ධජ ලෙළදවමින් පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. ක‍්‍රිස්ටිනා කර්ච්නර්ගේ සැමියා වූ, 2003 වසරේ සිට 2007 දක්වා ආජන්ටිනා ජනාධිපතිවරයාව සිටි නෙස්ටර් කර්ච්නර් ආරම්භ කළ විශ‍්‍රාම වැටුප්, ළමා සුභසාධනය සහ ප‍්‍රවාහන අංශයන් දියුණු කිරීම උදෙසා ඇරඹූ සමාජ සේවා වැඩසටහන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට ඇය දැවැන්ත උත්සාහයක් ගත්තාය. නෙස්ටර් කර්ච්නර් 2001 දී ආර්ජන්ටිනාවේ ඇතිවූ ආර්ථික අවපාතයෙන් රට ගොඩ ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළේය. ආජන්ටිනාව බහුල වශයෙන් භාණ්ඩ අපනයනය කරනුයේ චීනයට සහ බ‍්‍රසීලයට වන අතර ලබන වසර වන විට එය එරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බව කර්ච්නර්ගේ විරුද්ධ පාක්ෂිකයා වන හර්මස් බිනර් පවසයි. එරට පවතින උද්ධමනය සම්බන්ධයෙන් විසඳුම් සහිත විධිමත් දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම බිනර්ගේ පරාජයට තුඩු දුන් එක් හේතුවක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ දකිති. බුවනෝස් අයර්ස් හිදි ජනතාව අමතන ක‍්‍රිස්ටිනා කර්ච්නර්



අදහස් (0)

ආජන්ටිනාවේ හිටපු අගමැතිනි කි‍්‍රස්ටිනාට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site