සියවස් ගණනාවකට පෙර මිහිමත රජ කළ දැවැන්තයන් මිහිමතින් තුරන් වී ගියේ අති විශාල වූ රහස් ගොන්නක් පොළෝ ගැබ තුළ සඟවමිනි. මෙසේ සැඟවී තිබූ රහස් අතරින් තවත් එක් රහසක් හෙළි කර ගැනීමට යුටා සරසවියේ පොසීල විද්‍යාඥ ජේම්ස් ක‍්‍රික්ලන්ඞ් ඇතුළු ගවේශක කණ්ඩායම සමත් වූහ.
ඔවුන් ඊසාන දිග ස්පාඤ්ඤයේ අරියානෝ නගරයේ පිහිටි පැරණි ගල් අඟුරු පතලක සිදු කළ කැනීම් වලින් වසර කෝටි එකොළහක් පමණ පැරණි ඩයිනසෝර පොසිලයක් සොයා ගෙන තිබේ.
කලින් හදුනාගෙන තිබූ ඇන්කිලෝසෝරියා යන විශේෂයේ උප විශේෂයක් ලෙස මෙම නව ඩයිනසෝරයා නම් කර ඇත. නොඩොසෝරිඩියේ පවුලට අයත් මොවුන් ශාක භක්ෂකයෝය. දිගින් මීටර හයක් හා බරින් ටොන් දෙකක් පමණ වන මේ නව උප විශේෂය ‘යුරෝපයේ ගල් අඟුරු පළිහ’ යන අර්ථය ඇතිව යුරොපෙල්ටා කාබොනන්සිස් ලෙස නම් කැර ඇත.
අළුතින් සොයාගත් මේ පාශාණීභූත සත්ත්වයා උප විශේෂයක් ලෙස නම් කිරීමට හේතුව වන්නේ මොවුන්ට කඳුලූ බිඳුවක හැඩැති හිස්කබලක් පිහිටා තිබීමමයි. අනෙක් ඇන්කියෝසෝරස් විශේෂයේ සතුන්ට ඇත්තේ ති‍්‍රකෝණාකාර හිස් කබලකි.
ක‍්‍රික්ලන්ඞ් තවදුරටත් පෙනවා දෙන්නේ යුරෝපයේ සිටින නොඩොසෝරිඩියේ සත්ත්වයන්ට වඩා උතුරු ඇමෙරිකාවේ සිටින නොඩොසෝරිඩියේ සත්්වයන් වෙනස් වන බවයි.
‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේට
ඇමෙරිකානු ‘ටයිම්’ සගරාව, වසරේ පුද්ගලයා ලෙස, ඇමෙරිකන් ජනාධිපති ධුරයට දෙවැනි වරට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර තිබේ. ඒ අනුව, නවතම ‘ටයිම්’ සඟරාවේ ක
රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පිරිහී යද්දී, ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන මෙන්, රුසිය
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එ
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි සැත්කමකට භාජන කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 79 හැවිරිදි ජනාධිපතිවරයා හදිසි සැත්කමකට භාජන කළේ අභ්‍යන්තර රුධිර වහනයක්
නව අභිරහස් වයිරසය උණ රෝගයක්, අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට කුඩා දරුයන් ද ඇතුළු 143 දෙනකු
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අළුත් යෝධයෙක් මතුවෙයි
ගමගේ Thursday, 26 December 2013 08:58 AM
මම මෙවැනි සොයා ගැනීම්වලට බොහෝ සේ ආදරය කරන්නෙක්. මෙවැනි පොසිලමය සාධක තව තිබෙන්නට පුළුවන්. (නදී)
senthilnathan Wednesday, 25 December 2013 06:03 AM
මොකක්ද ඉතින් මේකේ එති පුදුමේ?(අ)